Monday, September 14, 2026
spot_img

කොළඹ සිට පොලොන්නරුවට සුඛෝපභෝගී දුම්රියක් අද සිට ගමන් අරඹයි

Must read

ශ්‍රී ලංකා දුම්රිය සේවයට අළුතින් එක්වූ එස්13 වර්ගයේ අති සුඛෝපභෝගී දුම්රියක් අද (11) සිට දිනපතා පොළොන්නරුව බලා ධාවනය කිරීමට නියමිතය. අද සවස 3.05 කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් ගමන් අරඹන මෙම ශීඝ්‍රගාමී දුම්රිය සදහා ආරම්භක සංඥාව ලබාදීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් සිදුකිරීමට නියමිතය.
දුම්රිය පොළොන්නරුවට ළඟාවීමට නියමිතව තිබෙන්නේ රාත්‍රී 07.45ට වන අතර  හෙට පස්වරු 03.45 ට එම දුම්රිය නැවතත් පොළොන්නරුවේ සිට කොටුව දක්වා ගමන් කිරිමට නියමිත අතර රාත්‍රී 9.06ට කොළඹ කොටුවට ළගාවීමට නියමිතය.
මෙම නව ශීඝ්‍රගාමී දුම්රිය පොලොන්නරුව, කුරුණෑගල,මහව,කැකිරාව,හබරණ,හිඟුරක්ගොඩ යන දුම්රිය ස්ථානවල තවත්වනු ඇත.
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article