Tuesday, December 24, 2024

කොරෝනා නිසා ඉතාලියේ මරණ 2ක් : ඉතාලියේ නගර 10ක් වසා දමයි

Must read

චීනයෙන් පිටත කොරෝනා වෛරස් අසාදිතයන් හා ඒ හේතුවෙන් සිදුවන මරණ ක්‍රම ක්‍රමයෙන් ඉහළ යමින් පවතින බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්ථා කරයි.

ඒ අනුව මේ වන විට යුරෝපයේ හා මැද පෙරදිග කොරෝනා හේතුවෙන් සිදුවන මරණ ගණන ඉහළ යමින් පවතින අතර මේ වන විට ඊශ්‍රායලයෙන් හා ලෙබනන් රාජ්‍යයෙන්ද ආසාදිතයන් වාර්ථා වී ඇත. ඉතාලියෙන් වෛරස් ආසාදනයෙන් සිදුවූ දෙවන මරණය අද වාර්ථා වූ අතර ඉරානයෙන් මේ වන විට මරණ 5ක් වාර්ථා වීඇත.

මේ වනවිට දකුණු කොරියාවේ පමණක් ආසාදිතයන් 433ක් වාර්ථා වන අතර දිනක් ඇතුලත ආසාදිකයන් ගණන දෙගුණයකින් වැඩිවී ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්ථා කර සිටියි.

COVID – 19 මගින් දෙවන මරණය සිදුවීමත් සමග ඉතාලියේ නගර 10ක් වසා දැමීමට බලධාරීන් තීරණය කර ඇති අතර 50,000 ක් පමණ නගරවැසියන්ට නිවෙස් වලට වී සිටින ලෙස දැනුම් දී ඇත.

ඉරානයෙන් මරණ 5ක් වාර්ථා වීමත් සමග ඉරාන දේශසීමාවේ රටවල් වල කුවේට් හා ඉරාකය වෛරසය සම්බන්දයෙන් දැඩි අවදානයෙන් පසුවන බවත් එම රටවල් වෙත ඇතුල්  වන සංචාරකයන් සීමා කිරීමටත් තීරණය කර ඇත.

(Al Jazeera හි පලවූ ලිපියක් ඇසුරිණි)

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article