Saturday, September 21, 2024

කොරෝනා ආසාදිත කාන්තාවගේ දියණියටත් කොරෝනා ,……

Must read

කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරුවි ඇති  දිවුලපිටිය ප්‍රදේශයේ පදිංචි ඇගලුම් සේවිකාවකගේ 16 හැවිරිදි දියණියටද කොරෝනා වෛරසය ආසාදනය වි  ඇති බැව් අද  (04) හබරාදුව නිරෝධායක මධ්‍යස්ථානයේ දි කළ පි. සි.ආර්. පරික්ෂණයේ දි තහවුරු වි ඇති බැව් හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි  වෛද්‍ය ප්‍රමොද සිරිවර්ධන මහතා පවසා ඇතැයි අද වෙබ් අඩවිය වාර්ථා කොට තිබේ

මෙකි ඇගලුම් සේවිකාවගේ සැමියා ඇතුළු දරුවන් 04 දෙනා පියා අද දින පි. සි.ආර් පරික්ෂණවලට ලක්කළ බවත් පවුලේ අනික් සාමාජිකයින් 05 දෙනාට කොරෝනා වෛරසය ආසාදනය වි නොමැති බවට පි. සි.ආර්. පරික්ෂණයේ දි තහවුරුවි ඇති බවද හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා සදහන් කළ බව තවදුරටත් එම පුවතේ සඳහන්ය

ඔවුන් 05 දෙනා සදහා දෙවැනි වතාවට ද පි. සි.ආර් පරික්ෂණ සිදුකිරිමට කටයුතු කරන බවද ප්‍රාදේශිය සෞඛ්‍ය නිලධාරිවරයා පවසයි. කොරෝනා ආසාදනය වි ඇති 16 හැවිරිදි දියණිය කොළඹ අයි.ඩි එච් රෝහල වෙත යැවිමට කටයුතු කරන බවද  සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ප්‍රමෝද සිරිවර්ධන මහතා සදහන් කළේය.

එම කාන්තාවට කොරෝනා වෛරසය ආසාදනය විමෙන් පසු ඇයගේ සැමියා දරුවන් සිව්දෙනා හා පියා හබරාදුව නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමුකිරිමට කටයුතු කරණු ලැබිය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article