Tuesday, November 26, 2024

කොදෙව් පුහුණුකරු නවසීන්තයෙන් සමාව ඉල්ලයි

Must read

ටෙස්ට් සහ පන්දුවාර 20යි 20 තරගාවලියකට සහභාගී වීම සදහා මේ දිනවල  නවසීලන්තයට පැමිණ සිටින බටහිර ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයන් නවසීලන්ත නිරෝධායන නීති උල්ලංඝනය කරමින් කටයුතු කිරීම පිළිබඳව බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු ෆිල් සිමන්ස් සමාව අයැද තිබේ.

නවසීලන්ත නිරෝධායන නීතිවලට අනුව විදෙස් රටවල සිට පැමිණෙන්නන් දින 14ක නිරෝධායන කාල සීමාවක් ගත කළ යුතු වේ.නමුත් එසේ තිබියදීත් සෞඛ්‍ය නිර්දේශවලට යටත්ව පුහුණුවීම් සිදු කිරීමේ අවස්ථාව නවසීලන්තයෙන්, බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට හිමි වී තිබිණ. ඇතැම් කොදෙව් ක්‍රීඩකයින් ආහාර බෙදාගෙන ඇති බවට සහ නිරෝධායන කාල සීමාව ඉක්ම යෑමට පෙර බාහිර සමාජය සමග එක්ව ඇති බවට නවසීලන්ත සෞඛ්‍ය අංශවලට වාර්තා වීමත් සමග පසුගිය බදාදා සිට ඔවුන්ට පුහුණුවීම් කටයුතු අත්හිටුවීමට තීරණය කර තිබිණි.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article