Friday, September 20, 2024

කොට්ටාව හේනවත්ත ජනතාවත් නිරෝධායනයට

Must read

කොට්ටාව, හේනවත්ත ප්‍රදේශයෙන් නව කොරෝනා වෛරස ආසාදිතයෙකු වාර්තාවීම හේතුවෙන් එම ප්‍රදේශයේ පුද්ගලයින් 86 දෙනෙකු නිරෝධායන කටයුතු සඳහා යොමු කර තිබේ.

ඉන් පුද්ගලයින් 45 දෙනෙකු පූනානි නිරෝධායන මධ්‍යස්ථානයට යොමු කර ඇත.සෙසු 41 දෙනා සිය නිවෙස්වලම නිරෝධායන කටයුතු සඳහා යොමු කර ඇත.

කොරෝනා වෛරසය ආසාදිනය වූ පුද්ගලයා කොරෝනා වෛරසයේ මූලික ලක්ෂණ මතුවීම හේතුවෙන් ඔහු මාර්තු 31 වනදා හෝමාගම මූලික රෝහල වෙත ඇතුලත් වී ඇති අතර අප්‍රේල් මස 3 වනදා වන විට ඔහුට වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇත.

මෙම පුද්ගලයා සංචාරක සේවා සපයන ආයතනයක රාජකාරී සිදුකරන්නෙකි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article