Saturday, January 4, 2025

කොක්කුතොඩුවායි සමූහ මිනීවලේ කැණීම් නැරඹීමට යාපන විශ්ව විද්‍යාලයේ වෛද්‍ය සිසුන් පැමිණෙයි

Must read

මුලතිව් – කොක්කුතොඩුවායි මිනිස් සුසාන භූමියේ කැනීම් කටයුතු සැප්තැම්බර් (06) බදාදා නිල වශයෙන් ආරම්භ කෙරිණි. මේ අතර, කැණීම්වල තෙවැනි දිනය අද (08) පුරාවිද්‍යා මහාචාර්ය රාජ් සෝමදේව මහතා ඇතුළු යාපනය හදිසි මරණ පරීක්ෂක කණ්ඩායමක් මෙන්ම නීතිඥ කේ. පුරාවිද්‍යාඥ පරම් පුෂ්පරත්නම් මහතා තුන්වන දින කැණීම් කටයුතු සඳහා එක්ව තිබේ. ඒ් අතර  යාපනය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය සිසුන් ද අද ඒම ස්ථානයට  ගියහ.

එම සමූහ මිනීවලේ කැණීම්වල දෙවැනි දිනයේදී ඒනම් 07 වනදා ඒහි තිබී  වෙඩි පහරවල් බවට සැක කෙරෙන ලෝහ කැබලි සහ වෙඩි වැදී සිදුරු වූ බවට සැක කෙරෙන ඇඳුම් රැසක් සොයා ගෙන ඇත. එවන් වටපිටාවක් තුළ කැණීම්වල තෙවැනි දිනය විශාල බලාපොරොත්තු ඇති කර තිබේ.

යාපනය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨ සිසුන්ද එම මිනිස් සමූහ මිනීවල නිරික්ෂනයට පැමිණ තිබේ. එම ස්ථානයට හිටපු උතුරු පළාත් සභා මන්ත්‍රී දුරෙයිරාසා රවිකරන්, පුදුකුඩිරිප්පු හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී රාමලිංගම් සත්‍යසීලන්, සමාජ ක්‍රියාකාරිනියක වන අන්රානි ජයනාදන් පීටර් ඉලංචෙලියන් යන මහත්ම මහත්මීන් ද එක්ව සිටි බව ද සඳහන් කළ යුතුය.  

ෂන්මුගම් තවසීලන්

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article