Tuesday, September 15, 2026
spot_img

කුරුක්ලමඩම් තොටුපළ මාර්ගයේ මගීන්ගෙන් ගාස්තු අයකිරීම ගැන විරෝධය

Must read

මඩකලපුව දිස්ත්‍රික්කයේ ඇම්ප්ලන්තුරේ – ගුරුකුල්මකඩම් තොටුපළ මාර්ගයේ මෙතෙක් මගීන්ගෙන් කිසිදු ගාස්තුවක් අය නොකිරීම පුරුද්දක්ව පැවතිණි. මේ වනවිට මාර්ග සංවර්ධන දෙපාර්තමේන්තුවේ මඩකලපුව ප්‍රධාන ඉංජිනේරු කාර්යාලයේ ප්‍රධාන ඉංජිනේරු එන්තිරි.ඒ.එම්.රිස්වි විසින් 2023.04.01 දින සිට මෙම පාරු මාර්ගයේ ගමන් ගන්නා මගීන්ගෙන් ගාස්තු අය කරන බවට දැන්වීමක් ද පළ කර ඇත. එහි මෙසේ සදහන් කොට ඇත.

එහි ගමන්කිරීම  සඳහා  2023.04.01 දින සිට ක්‍රියාත්මක වන පරිදි මාර්ග ගමන් ගාස්තු පහත පරිදි වේ. මගීන්ට (අවුරුදු 12ට වැඩි) රුපියල් 10ක්, එක් අයකු සමඟ රෝද රථ සඳහා රුපියල් 30ක්, මෝටර් රියදුරුට රුපියල් 50ක්, ඔටෝ රියැදුරුට රුපියල් 100ක්, මෝටර් රථයක්, වෑන් රථයක්, පිකප් රියැදුරුට රුපියල් 250ක්, පාසල් සිසුන්ට නිල ඇඳුමින් සහ රජයේ වාහන නොමිලේ.

මෙතෙක් කිසිදු ගාස්තුවක් නොගෙවා තම ප්‍රවාහනය මෙම තොටුපළ හරහා සිදු කරන අතර පවතින ආර්ථික අර්බුදය හමුවේ ඔවුන්ගෙන් මුදල් එකතු කිරීම වහා නැවැත්විය යුතුය. දිනපතා ගමන්ගන්නා මගීන්ගෙන්  මුදල් ගැනීමට එම ජනතාව සිය විරෝධය පළකළහ.

වී.ශක්තිවේල්

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article