ශ්‍රි ලංකාවේ රාජ්‍ය නායකයා විසින් සිදුකරන්නට යදෙුන කුමන්ත්රණයේ ප්‍රථිපලයක් ලෙසින් දැන් අගමැතිවරයෙකු නම් කර තිබේ.පාර්ලමේන්තුවේ අතිබහුතරයක් මෙන්ම ජාත්‍යන්තර වශයෙන් කිසිදු රටක් හෝ පිළිනොගත් මේ අගමැතිවරයාට සහ කැබිනට් මණ්ඩලයට එරෙහිව දැනටමත් පාර්ලිමේන්තුව තුල පැහැදිලි බහුතරයක් පෙළ ගැසි අවසන්ය.
අද පෙරවරුවේ පාර්ලිමේන්තුවට රැස්ව සිටි මන්ත්‍රිවරුන් මන්ත්‍රිවරියන් 118 දෙනෙකු තමන් මහින්ද රාජපක්ෂ මහතා අගමැති වශයෙන් පිළිනොගන්නා බව කියා සිටින ලද අතර විශ්වාස භංගයක් සදහා වු යෝජනාවක්ද අද දිනයේ භාර දි තිබුණි.
පාර්ලිමේන්තුවේ බහුතර මන්ත්‍රින් සංඛ්‍යාවක් ව්‍යවස්ථාවට එරෙහිවු මේ කමන්ත්රණයට එරෙහිව සිය එකගතාවය 100% ක්ම පළකරමින් වඩාත් විශ්වාසයෙන් යුතුව මුහුණු පොත තුල විවිධ සටහන් සමගින් ඡායාරූප රැසක් මේ ඒ වන විටත් පළකර ඇත. මේ නිසාම රාජපක්ලාගේ දේශපාලන ආගමනයට එරෙහිව දැනටමත් ශක්තිමත් විරෝධයක් රටතුලු තුල මතුව ඇති හෙයින් අගමැති රනිල් වික්‍රමසිංහට එරෙහිව තැන තැන චණ්ඩි කතා කියමින් සිටින විමල් විරවංගලා සහ ගම්මන්පිලලා දැන් නිඩ වි ඇති සෙයකි.