Thursday, January 16, 2025

කුමන්ත්‍රණ ආණ්ඩුවට හාන්සිවෙන්නම උත්තර දෙන TNA ස්ථාවරය මෙන්න !

Must read

රටක රාජ්‍ය නායකයෙකු විසින් දියත් කරන්නට යෙදුණ කුමන්ත්‍රණයක් හේතුවෙන්  දැවැන්ත අර්බුදයක් රටතුල නිර්මාණය වෙමින් තිබියදි එයට එරෙහිව ශක්තිමත්ම ලෙසින් සිය දේශපාලන ස්ථාවරය නිවරදිම ආකාරයෙන් ප්‍රකාශයට පත්කිරිම සම්බන්ධයෙන් දේශපාලන කවයන් අතර අද වැඩිම කථාබහකට ලක්ව ඇත්තේ ද්‍රවිඩ ජාතික සන්ධානයයි .
පසුගිය දිනක පක්ෂ නායකයන්ගේ රැස්විමෙන් අනතුරු මාධ්‍ය අමතා සුමන්තිරන් මන්ත්‍රිවරයා විසින් පවසන්නට යෙදුන සෘජු ප්‍රකාශය මෙහිදි සදහන් කළ යුතුමය.
මේ මොහොතේ දේශපාලනික ඇඹෙරෙන්නේ නැතිව ඔවුන් විසින් මහින්ද රාජපක්ෂ මන්ත්‍රිවරයා වෙත ප්‍රකාශ කරන ලද සිය ස්ථාවරය මේ වශයෙන්ම දැන් නිවේදනයක් ලෙසින් නිකුත් කර තිබේ.
එයට අනුව ද්‍රවිඩ ජාතික සන්ධානය කුමන්ත්‍රණයට මුළුමනින්ම එරෙහිව අතර එයට විරැද්ධය සිය ඡන්දය ප්‍රකාර කරනු ඇත.

පසුගිය ඔක්තෝබර් මස 26 වන දින, පාර්ලිමේන්තු රැස්වීම් අවසන් වීමෙන් පසු, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ගත් ක්‍රීයාමාර්ග සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානය නිල තීන්දුවක් ගෙන ඇති බව වාර්තා වෙයි.

දෙමළ ජාතික සන්ධානයට අයත් පක්ෂවල නායකයින් සමඟ පැවති සම්බන්ධීකරණ කමිටුව ඊයේ (02) පස්වරුවේ රැස්වීමෙන් අනතුරුව මෙම තීරණ ගෙන ඇති අතර ඒ සම්බන්ධව නිල නිවේදනයක් නිකුත් කිරීමටද ඔවුන් කටයුතු කර ඇත.

ඊට අනුව ඔවුන් ගෙන ඇති තීන්දු මෙසේය.

1. ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව තනතුර දරමින් සිටින අග්‍රාමාත්‍යවරයා සිය තනතුරෙන් පහකිරීමේ බලය ජනාධිපතිවරයාට නොමැත.
19 වන ආණුඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පෙර ජනාධිපතිවරයාට තිබූ එම බලය, 19 වන සංශෝධනය මගින් පැහැදිලිවම ඉවත්කරන ලදී.
එබැවින් අග්‍රාමාත්‍යවරයා තනතුරෙන් පහකරන බවත්, වෙනත් කෙනෙකු අග්‍රාමාත්‍ය  තනතුරට පත්කරන බවත්, සඳහන් කරමින් ජනාධිපතිවරයා විසින් ගැසට් නිවේදන ප්‍රකාශයට පත්කරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි හා නීති විරෝධී ක්‍රියාවන් වේ.

2.ඉහත ක්‍රියාවෙන් පසු පාර්ලිමේන්තු සැසිය කල්තබා ඇති බවට ජනාධිපතිවරයා කර ඇති ප්‍රකාශය ද දෙමළ ජාතික සන්ධානය ප්‍රජාතන්ත්‍ර විරෝධී හා පාර්ලිමේන්තුවේ උත්තරීතරභාවයට හානියක් ගෙනදෙන ක්‍රියාවක් ලෙස දකී.

පාර්ලිමේන්තුවේ බහුතර බලයක් නොමැති පුද්ගලයෙකු අග්‍රාමාත්‍යවරයා වශයෙන් ප්‍රකාශකර, පාර්ලිමේන්තුවේ දී ඔහු විසින් බහුතරය පෙන්වීම ප්‍රමාද කිරීමට ගත් ක්‍රියාවක් ලෙස මෙම කල්මැරීම සඳහන් කිරීමට පුළුවනි.

මෙලෙස කල්දමා අමාත්‍ය  තනතුරු හා මුදල් අල්ලස් වශයෙන් ලබාදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තම පිලට නීති විරෝධී ලෙස ගෙන පාර්ලිමේන්තුවේ බහුතරය කපටි ලෙස ලබාගැනීමේ මෙම ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාව දෙමළ ජාතික සන්ධානය දැඩි ලෙස හෙලා දකින අතර සිය ඊට විරෝධයද ප්‍රකාශ කර සිටී.

දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. වියාලේන්ද්‍රන් මහතා ද මෙම කුමන්ත්‍රණයට හසුවීම දැඩිලෙස හෙලා දකින අතර, ඊට සිය විරෝධය ද ප්‍රකාශ කර සිටිමු.

ඔහුට විරුද්ධව වහාම නිසි ක්‍රියාමාර්ග ගැනීමට ද බලාපොරොත්තු වෙමු.

3.ඉහත හේතූන් නිසා, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව දැඩි දෙස උල්ලංඝණය කරමින්, නීති විරෝධී ලෙස අග්‍රාමාත්‍යවරයා ලෙස පත්කර සිටින මහින්ද රාජපක්ෂථ ප්‍රමුඛ රජයට එරෙහිව ගෙන එන විශ්වාසභංග යෝජනාවට පක්ෂ ව දෙමළ ජාතික සන්ධානය සිය ඡන්දය භාවිතා කරනු ඇත.
මෙවන් අවස්ථාවක “මධ්‍යස්ථව සිටීම” යනු අරාජිකත්වය ජයගැනීමට ඉඩදෙන ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවක් යන්න අපගේ ස්ථාවරය වේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article