කිලෝ ග්රෑම් 500 කට වැඩි බරින් යුත් “තිත් මඩුවා“ මාලුවෙකු මන්නාරම් පේසාලේ වන්කාලෙයි මුහුදු තීරයේදී ධීවරයින්ගේ දැලකට පසුගියදා හසුව තිබේ.
දැලට හසුව තිබූ මාළුවා ධීවරයින් දැල් පරික්ෂා කිරීමට යන අවස්ථාව වන විට මිය ගොස් සිටි බව ධීවරයින් පවසයි.
පසුව තිත්මඩුවා ගොඩට ගෙන ඒමෙන් පසුව ට්රැක්ටරයක පටවාගෙන ධීවරයින් විසින් වීදි සංචාරයක නිරත වූ අතර මාලුවා දැක බලා ගැනීමට දහසකට අධික පිරිසක් මාර්ග දෙපස රැස්ව සිටි බවද වාර්තාවේ.
මේ අයුරින් මන්නාරම තාවල්පාඩු මුහුදු තීරයේදී දැවන්ත මත්ස්යයකු හසුව සිටි බවත් එම මාළුවාද මිය ගොස් තිබියදී ධීවරයින්ට හමුව ඇති අතර ධීවර දැල්වල ඇති විෂ සහිත භාවය නිසා මෙම මසුන් මිය යන බවටද ධීවරයින් වැඩි දුරටත් පවසයි .
බන්දුල සෙනෙවිරත්න