කිරිපිටි මිල රුපියල් 20කින් වැඩි කිරීමටත් ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 250කින් පහත දැමීමටත් ජීවන වියදම් කමිටුව ඊයේ (17) තීරණය කර ඇත.
කිරිපිටි මිල සංශෝධනයක් අවසන් වරට සිදුව ඇත්තේ පසුගිය වසරේ අගෝස්තු මසදී වන අතර කිරිපිටි මිල වැඩි නෙකාරීම හේතුවෙන් කිරිපිටි ආනයනය නතර කිරීමටද කිරිපිටි සමාගම් තීරණය කර තිබිණි. එමෙන්ම කිරිපිටි සදහාද මිල සූත්රයක් පාරිභෝගික අධිකරිය විසින් සකස් කර ඇති අතර ඒ සදහා වන අනුමැතිය ජීවන වියදම් කමිටුව විසින් පසුගියදා ලබාදී ඇත.