Friday, September 20, 2024

කැලණි ගඟ දෙපස කම්හල් 3000කට නඩු

Must read

කැලණි ගඟ දෙපස කඩුවෙල සිට පෑලියගොඩ පාලම දක්වා පරිසර වාර්තා නොමැතිව ඉදි කර ඇති කර්මාන්ත ශාලා 3000කට නඩු පැවරීමට පරිසර අමාත්‍යාංශය සූදානම් වෙයි.

කැලණි ගඟ දෙපස ඇති කර්මාන්ත ශාලා සංඛ්‍යාව 7000ක් පමණය. එම කර්මාන්ත ශාලාවලින් කැලණි ගඟට අපද්‍රව්‍ය හා අප ජලය බැහැර කිරීම නිසා දූෂණය වී ඇති බව පරිසර අමාත්‍යාංශය කළ සොයා බැලීමකදී අනාවරණය වී ඇත. පසුගිය සඳුදා සිට මධ්‍යම පරිසර අධිකාරියේ කණ්ඩායම් 13ක් යොදවා සමීක්ෂණයක් සිදු කළ බව පරිසර ඇමැති මහින්ද අමරවීර ප්‍රකාශ කරයි. එම කණ්ඩායම් සිදු කළ සමීක්ෂණයේ වාර්තාව කඩිනමින් ලබා ගෙන නඩු පැවරීමට කටයුතු කරන ලෙස ඇමැතිවරයා මධ්‍යම පරිසර අධිකාරියේ සභාපතිවරයාට දැනුම් දී ඇත. ඇතැම් කර්මාන්තශාලා ඉතාමත් විෂ සහිත රසායනික ද්‍රව්‍ය පවා කැලණි ගඟට බැහැර කර ඇති බව සමීක්ෂණයේ දී අනාවරණය වී ඇත.

(අරුණ)

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article