Monday, June 16, 2025

කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට සීමා පැනවීම මාධ්‍ය නිදහසට සීමාවක්!

Must read

2025.04.30.

මාධ්‍ය නිවේදනය
කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට සීමා පැනවීම මාධ්‍ය නිදහසට සීමාවක්!

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරන කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට සහභාගී වීමට එම දෙපාර්තමේන්තුව මඟින් නිකුත් කරන මාධ්‍ය හැඳුනුම්පතක් අනිවාර්ය කිරීම සම්බන්ධයෙන් වෘත්තීය වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමයේ අවධානය යොමුව තිබේ.

මෙම තීරණය මඟින් මාධ්‍ය නිදහස සීමා කරන බවත්, තොරතුරු දැනගැනීමේ ජනතාවගේ අයිතියට බාධා පැමිණෙන බවත්, මෙය රටේ ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් වලටද හානිදායක බවත් අප සංගමයේ අදහස වේ.

මාධ්‍යවේදීන්, ප්‍රවෘත්ති වාර්තාකරණයේ සහ තොරතුරු බෙදා හැරීමේ වැදගත් කාර්යභාරයක් ඉටුකරන පිරිසකි. එසේම මාධ්‍යවේදීන් තොරතුරු ලබා ගැනීමට සහ එය ජනතාව අතර නිවැරදිව බෙදා හැරීමට කැපවී සිටින පිරිසකි. එබැවින්, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ මෙම තීරණය අපගේ වෘත්තීය සඟයන්ගේ වෘත්තීය කාර්යයට බාධාවක් මෙන්ම මාධ්‍ය නිදහසට එල්ල වූ බරපතල තර්ජනයකි.

එබැවින්, වහාම ක්‍රියාත්මක වන පරිදි මෙම තීරණය ඉල්ලා අස්කර ගන්නා ලෙස රජයෙන් සහ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙන් අපි තරයේ ඉල්ලා සිටිමු. තවද, සියලුම මාධ්‍ය ආයතනවලට සහ මාධ්‍යවේදීන්ට කිසිදු බාධාවකින් තොරව කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට සහභාගී වීමට අවස්ථාව ලබා දිය යුතු බව අපගේ හැඟීමයි.

ආචාරධාර්මික වෙබ් මාධ්‍ය සංස්කෘතියක් රට තුල ගොඩ නැගිම වෙනුවෙන් පෙනි සිටින අප සියලු මාධ්‍යවේදීන්ගෙන් ද ඉල්ලා සිටින්නේ සැම විටම ආචාර්ධර්ම රැකෙන පරිදි සිය මාධ්‍ය වගකිමේ නියැලෙන ලෙසය. එසේම ස්වාධීන මාධ්‍ය වාර්තාකරණය සහ තොරතුරු දැනගැනීමේ ජනතාවගේ අයිතිය වෙනුවෙන් වෘත්තීය වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමය ඉදිරියටත් පෙනී සිටිනු ඇත.

ස්තුතියි!IMG 20250430 WA0115

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article