Sunday, September 20, 2026
spot_img
spot_img
spot_img
spot_img

කාත්තන්කුඩිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ආසාදිතයින් 55ක් සුවය ලබා පිටව යයි

Must read

කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදිතව කාත්තන්කුඩි මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයින් 55 දෙනෙකු සුවය ලබා රෝහලෙන් පිටව ගොස් ඇත.

ඔවුන් අද උදෑසන පිටව ගිය බවයි එම රෝහල් ප්‍රකාශකයෙකු පැවසුවේ.

තවදුරටත් ආසාදිතයින් 07 දෙනෙකු කාත්තන්කුඩි මුලික රෝහලේ ප්‍රතිකාර ලබන  අතර ඔවුන් බණ්ඩාරනායක මාවත සහ බේරුවල යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව එම ප්‍රකාශකයා සඳහන් කළේය.

මෙසේ සුවය ලබා පිටව යන අය වෙනුවන් තෑගි ලබාදිමටද කාත්නන්කුඩි නගර සභාවේ සභාපති එස් එච් එම් අස්වර් මහතා පියවරගෙන තිබුණ අතර පිටව යන අය වෙත සුබ පතමින් ජාතික කොඩිය වනා සුබ පැතිමට පිරිස් එක්ව සිටිනු දක්නා ලදි.
මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකදි ඔහු කියා සිටියේ මෙසේ සුවය ලබා යන සියලු දෙනාමට  තැගි ලබා දුන් බවත් ඒ අය අතර කුඩා දරුවන් 9 දෙනෙකු සිටි බවත්ය
මෙස් සුවය ලබා ගිය පිරිස අතර  සිංහල මුස්ලිම් සහ දමිල සියල්ලෝම වුහ.

 

ඡායාරූප – ෆර්හාන් – කාන්තන්කුඩි

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article