කළුතර නාගොඩ මහ රෝහලේ සේවය කරන වෛද්‍යවරයකුගේ අට හැවිරිදි දරුවකු පැහැර ගැනීමට උත්සහ කළ පුද්ගලයන් තිදෙනකු පොලිස් නිළ ඇඳුම්, වායු රයිෆලයක්, වෙඩි බෙහෙත් තොගයක් සමග පසුගිය (21) දා අත්අඩංගුවට ගත් බව දොඩන්ගොඩ පොලිසිය කියයි. මෙම දරුවා පැහැරගෙන රුපියල් කෝටි 10ක කප්පමක් ලබාගැනීමට මෙම පිරිස උත්සහ දරා ඇති බව පොලීසිය කියයි.
මෙම පිරිසගෙන් කල ප්‍රශ්ණ කිරීම් වලදී ඔවුන් පාපොච්ඡාරණය කර ඇත්තේ දොඩන්ගොඩ ප්‍රදේශයේ දේවාලයක කටයුතු කරන යුවලක් මෙම කොන්ත්‍රාත්තුව ලබාදුන් බවයි. එම දරුවා පන්තියේ අනෙකුත් දරුවන් අභිබවා දක්ෂතා දක්වන නිසා පැහැරගෙන වදහිංසා කර පියාගෙන් කප්පම් ලබා ගන්නා ලෙස එම යුවල තමන්ට පැවසූ බවද අත්අඩංගුවට පත් පුද්ගලයන් තිදෙනා අනාවරණය කර ඇත.