Saturday, October 5, 2024

කරු ජයසූරියගේ උපදේශකත්වයෙන් IDAG ආරම්භ කරයි

Must read

ශ්‍රී ලංකාභිමාන්‍ය කරු ජයසූරිය ගේ උපදේශකත්වයෙන් මෙරට ප්‍රජාතන්ත්‍රවාදය සහ යහපාලන ක්‍රමවේද නැවත ප්‍රතිෂ්ඨාපනය කිරීමේඅරමුණෙන් ආරම්භ කළ ප්‍රජාතන්ත්‍රවාදය සහ පාලනය පිළිබඳ ආයතනය (IDAG) ඊයේ (සැප්තැම්බර් 30) කොළඹදී ආරම්භ විය.

අභියෝගවලට මුහුණ දීමට තරුණනායකයින්

IDAG ආයතනය විසින් නායකත්ව සංවර්ධනය, ප්‍රතිපත්ති උපදේශනය, සිවිල් අධ්‍යාපනය, ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණ සහ මහජන වගවීම කේන්ද්‍ර කරගත් අධ්‍යාපනික ආයතනයක් ලෙසත්, ප්‍රජා සහභාගීත්ව මුල පිරීම් සහ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය පිළිබඳ ක්‍රියාකාරී පර්යේෂණ සිදු කරන ආයතනයක් ලෙසත් කටයුතු කරනු ලැබීමට නියමිතය. එසේම IDAG ආයතනයේ ප්‍රමුඛතම අරමුණ වන්නේ සමකාලීන පාලන අභියෝගවලට මුහුණ දීම සඳහා තරුණ දේශපාලන නායකයින්ගේ නව පරම්පරාවක් බිහි කිරීම ය.

මෙම අවස්ථාවට රාජ්‍ය තාන්ත්‍රිකයින්, දේශපාලඥයින්, විද්වතුන්, වෘත්තිකයින්, සිවිල් සමාජ ක්‍රියාකාරීන් සහ තවත් සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගී වූ අතර IDAG හරහා පිරිනමනු ලබන පාඨමාලා ක්‍රියාත්මක කිරීම සඳහා Institute of Politics (IOP) සමග හවුල්කාරිත්වයක් ඇති කරමින් අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීම ද සිදුවිය.

මේ අතර උත්සවය අතරතුරදී ශ්‍රී ලංකාභිමාන්‍ය කරු ජයසූරිය ගේ සුරතින් IDAG ආයතනය විසින් ආරම්භ කරන ලද ප්‍රජාතන්ත්‍රවාදය, විමධ්‍යගතකරණය සහ පළාත් පාලනය පිළිබඳ පාඨමාලාව හැදෑරීම සඳහා තෝරාගත් සිසුන් පිරිසකට ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීම ද සිදු කරන ලදී.

අනාගත පරම්පරාව සඳහා නායකත්ව පුහුණුව

මෙම අවස්ථාව අමතමින් ශ්‍රී ලංකාභිමාන්‍ය කරු ජයසූරිය ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාවේ අරමුණු බිඳී ගිය, විකෘති විදේශ ප්‍රතිපත්ති සහ දූෂිත පාලන ක්‍රමයට එරෙහිව නව ආරම්භයක් හඳුන්වා දිය යුතු බවයි. එසේම ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ, ඩී. එස්. සේනානායක සහ දොන් බාරොන් ජයතිලක යනාදි අතීත නායකයින් විසින් රටට ලබා දුන් නායකත්වයේ සාරධර්ම සහ දේශපාලන කර්තව්‍ය යළි ප්‍රතිසංස්කරණය කිරීමේ අවශ්‍යතාව පවතින බවයි.

එසේම මහජන නියෝජිතයන්ගේ අනාගත පරම්පරාව සඳහා නායකත්ව පුහුණුව, සදාචාර සහ ප්‍රජාතන්ත්‍රවාදයේ වටිනාකම් ඉගැන්වීම සඳහා IDAG  ආයතනය කටයුතු කරනු ඇතැයි තමන් බලා පොරොත්තු වන බව ද ජයසූරිය වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.

කීර්තිමත් සිවිල් සේවකයෙකු වූ හිටපු ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු, Institute of Politics ආයතනයේ සභාපති මහාචාර්ය අමින්ද මෙත්සිල, IDAG  ආයතනයේ සභාපති පාලිත ලිහිනියකුමාර, Institute of Politics ආයතනයේ විධායක ප්‍රධානී නීතිඥ අකලංක හෙට්ටිආරච්චි ද මෙහි දී අදහස් දැක්වූහ.

IDAG 1

IDAG 2

 

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article