Friday, September 20, 2024

කයාන්ක්‍රේනි මුහුදේ නීතිවිරෝධී ධීවර කටයුතු නිසා මත්ස්‍ය සම්පත අනතුරේ

Must read

(11.33am)මඩකලපුවේ කයාන්ක්‍රේනි මුහුදු ප්‍රදේශය තුළ පිටස්තර ධීවරයින් විසින් සිදුකරන නීතිවිරෝධී ධීවර කටයුතු නිසා එම ප්‍රෙද්ශයේ ධීවරයින්ගේ දෛනික ධීවර කටයුතු වලට බලපෑම් සිදුවී වි ඇතැයි ඔව්හු පවසති. පසුගිය දින කිහිපය පුරා මෙවැනි ක්‍රියාකාරකම් සිදුවෙමින් පවතින අතර මෙය ඔවුන්ගේ ජීවනෝපාය කර්මාන්තයට හා වෙරළබඩ ධීවර කටයුතුවලට බලපා ඇත.
ඩයිනමයිට් වැනි පුපුරණ ද්‍රව්‍ය පිපිරිමෙන් මසුන් ඇල්ලීම සිදුකරන අතර මේ හේතුවෙන් කුඩා මසුන් ඇතුළුව බොහෝ මසුන් වර්ග වඳ වී යාමට හේතු වී තිබේ.
මිය යන මසුන් වෙරළට ගසාඒම නිසා වෙරළ දූෂණය වෙමින් පවතින බව ද ඔවුහු වාර්තා කරති.
එසේම, කයාන්කේනි මුහුදු ප්‍රදේශය සමුද්‍ර පාෂාණ වලින් පොහොසත් ය.
පුපුරණ ද්‍රව්‍ය නිසා පාෂාණ දිරාපත් වීමට හේතු වී තිබේ. කයාන්කනි මුහුදු ප්‍රදේශය ජනප්‍රිය සංචාරක ගමනාන්තයකි.

රුද්‍රා

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article