Sunday, January 12, 2025

ඕස්ට්‍රේලියානු සංචාරයේ T20 නායකත්වය නැවතත් මාලිංගට – අසන්ත ද මෙල්

Must read

මේ මස 27 වනදා සිට නොවැම්බර් මස 01වනදා ඔස්ට්‍රේලියාව සමග පැවැත්වෙන තරග තුනකින් සමන්විත T20 තරගාවලිය සදහා නායකයා වශයෙන් ලසිත් මාලිංග කටයුතු කරන බව ක්‍රිකට් තේරීම් කමිටු ප්‍රධානී හා කණ්ඩායම් කළමණාකරු අසන්ත ද මෙල් මහතා සදහන් කරයි.

එමෙන්ම කණ්ඩායමේ අවස්ථාව හිමිවනු ඇත්තේ නවක ක්‍රීඩකයන් සිව් දෙනෙකුට පමණක් බවද ඒ මහතා සදහන් කරයි.

ස්ථීර ආරම්භක පිතිකරුවෙකු වශයෙන් ධනුෂ්ක ගුණතිලකට අවස්ථාව හිමිවන බවත්,අංක තුන ක්‍රීඩා කිරීම සදහා භානුක රාජපක්ෂකට අවස්ථාව හිමිවනු ඇති බවත් පවසන ඒ මහතා වැඩිදුරටත් සදහන් කර සිටින්නේ කුසල් පෙරේරා, කුසල් මෙන්ඩිස් හා නිරෝෂන් දික්වැල්ලට කණ්ඩායමේ අවස්ථාවන් හිමිවනු ඇති බවයි.

කෙසේ වෙතත මේ දිනවල පැවැත්වෙන පාකිස්ථානය හා ශ්‍රීලංකාව අතර T20 තරගාවලියේදී දසුන් ශානකගෙන් යුතු නවක ශ්‍රී ලාංකා ක්‍රීඩකයික් බතාමත් ප්‍රශංසනීය දක්ෂතාවන් පෙන්වූ අතර ලොව අංක එකේ T20 කණ්ඩායම හමුවේ තරගාවලි ජයක් ලැබීමටද සමත් විය. නවක ශ්‍රීලංකා ක්‍රීඩකයන්ගේ දක්ෂතාවන් හමුවේ අත්දැකීම් බහුල ක්‍රිකට් ක්‍රීඩකයන්ට කණ්ඩායමෙ ස්ථාන අහිමි වී මෙම නවක කණ්ඩායමම ඉදිරි තරගාවලි සදහාද ක්‍රීඩා කරනු ඇතැයි ශ්‍රී ලංකා ක්‍රීඩා ලෝලීන්ගේ ඉල්ලීම හා බලාපොරොත්තුව විය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article