Thursday, January 23, 2025

ඕනෑම අවස්ථාවක සමාජයෙන් කොවිඩ්19 ආසාදිතයන් හමුවිය හැකියි – වෛද්‍ය සුදත් සමරවීර

Must read

මේ වන විට මෙරටින් වාර්තා වන කොවිඩ්19 රෝගීන් සියලු දෙනා නිරෝධායනයට ලක්ව සිටින අය අතරින් හඳුනාගෙන ඇතත් යම් හෙයකින් සෞඛ්‍ය අංශ වලට මග හැරුණු ආසාදිතයින් සමාජය තුළ සිටිය හැකි බැවින් ජනතාව ඒ සම්බන්ධයෙන් අවධානයෙන් සිටිය යුතු බව වසංගත රෝග විද්‍යා අංශයේ වසංගත රෝග විද්‍යාඥ, වෛද්‍ය සුදත් සමරවීර මහතා ප්‍රකාශ කරයි. ඒ අනුව ඒ මහතා පවසන්නේ ඕනෑම අවස්ථාවක සමාජයෙන් කොවිඩ් 19 ආසාදිතයන් හමුවීමේ ඉඩකඩ පවතින බවයි.

කෙසේ වෙතත් කොවිඩ්19 රෝගීන් හදුනාගැනීම සදහා සෑම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශයක්ම ආවරණය වන පරිදි ජන අනුපාතයට අනුව තෝරාගත් කණ්ඩායම් පී.සී.ආර් පරීක්ෂණ සඳහා යොමු කිරීමේ වැඩපිළිවෙලක් සකස් කර ඇති බව ද  වෛද්‍ය සුදත් සමරවීර මහතා සදහන් කරයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article