හිරු එලිය නෑවිත්
ගිණි බෝලයක් විත්
පොළව සිපගෙන
මගේ පොඩි පැටවුන්
හිස් දවා ලුයේ
අහස් යානා
නොවේ හිතවත
ඒ ඔබේ උදහසයි ………………
මලක, දල්ලක පැහැයක් නොවිඳ
කාලය දුක්බිතව ගලා යද්දී
තවත් මිනිස් මෙහොතක්
විඳින්නට ගත් සුසුම්
ගසක් යට,
සරණාගතව
කඳවුරක
තවත් බෝම්බ
වැටෙන තෙක් …..
තවත් මරණයක් දකිනතෙක් ..
අත පය වෙන්වූ දරුවන්
හොවා ගත් මිනිස් මොහොතක් ව
ගෙවී ගියදෙන්…
ඒ ඔබේ උදහසයි …
හිරු කිරණින්
මල් වැනිම වූ
මගේ දරුවන්ගේ අත් පා
පූදිනවාට
ඇති මගේ ආශාවන්
අහස් ගව් දුර ගෙවා
පැමිණෙන
අධි බලැති බෝම්බ වල …
විෂ දුම
කෙසේ අඳුරනවා ද …………
විටෙක හිරු පායන විටත්
විටෙක හිරුටත් කලියෙන්
ඒවා කඩා වැටෙන විට
ඈත අහසින්,
සී සී කඩ වන
මස් දලූ වලට
පන දුන්
මවකගේ උණුසුම
ඒ විෂ දුම්
කෙසේ දැනගන්න ද…
ඔබ නොදන්නා තැනක
ඒ මල් පදුර ලඟම
ඊට නිමේෂයකට පෙර
මගේ දූ සිගිත්තිය
මල් කඩමින් සිටියා..
ඔබ නොදන්නා එතැන
ඉන් පසුව ඇය
පන ගැහී ගැහී
මැරී වැටුණා…
ඒ මල් පදුර ලඟ…….
මල් පෙති ලෙයින් පෙගුනා ……
කෙබදු දේශයක් ද
කෙබඳු සිහිනයක් ද
ජීවිතය ගැන
ඉතින් ..
හිතවත..
ඒ ඔබේ උදහසයි …
කුමාරි ප්‍රනාන්දු