Friday, September 20, 2024

එන්නත්කරණයට බාධා කල මොරටුව නගරාධිපති අත්අඩංගුවට

Must read

මොරටුව ප්‍රදේශයේ ඊයේ (27) ක්‍රියාත්මක වූ එන්නත්කරණ වැඩසටහනක දී කලහකාරී ලෙස හැසිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මොරටුව නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු මහතා මීට සුළු මොහොතකට පෙර ගල්කිස්ස පොලිස් ස්ථානය වෙත භාර වීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි.

මොරටුව නගරාධිපතිවරයා තම ආධාරකරුවන් පිරිසකට ලබා දුන් අංක පිළිවෙළට අනුව එන්නත් ලබාදිම වෛද්‍යවරිය විසින් ප්‍රතික්ෂේප කිරීමත් එන්නත් ලබා ගැනීමට පැමිණි පිළිවෙළට එන්නත් ලබාදීමට වෛද්‍යවරිය විසින් කටයුතු කිරීමත් සමග නගරාධිපතිවරයා හා වෛද්‍යවරිය අතර උණුසුම් වචන හුවමාරුවක් ඇති බව ආකාරය ඊයේ මාධ්‍ය මගින් දැකගත හැකි විය.

ඒ සම්බන්ධයෙන් වෛද්‍යවරිය ගල්කිස්ස පොලිසියට කළ පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article