Friday, September 20, 2024

එක් දිනකදී ඇමරිකාවෙන් කොරෝනා ආසාදිතයන් 17000ක්

Must read

මේ වන විට ලොවපුරා රටවල් අති විශාල සංඛ්‍යාවක පැතිර ඇති කොරෝනා වෛරසය හේතුවෙන් ලොව ප්‍රභල රාජයයන් විශාල ප්‍රමාණයක් දැඩි අර්බුදයන්ට මුහුණ දෙමින් සිටියි.

ඊයේ (26) දිනයේදී පමණක්  ඇමරිකාවෙන් කොරෝනා ආසාදිතයන් 17,166ක් හදුනා ගෙන ඇති අතර මේ වන විට ඇමරිකාවෙන් හදුනාගත් මුලු රෝගීන් ගණන 85,377ක් වෙයි. ඒ අනුව කොරෝනා ව්‍යාප්තිය ආරම්භ වීමෙන් පසු එක් රටකින් වාර්ථා වූ වැඩිම කොරෝනා ආසාදිතයන් ප්‍රමාණය වාර්ථා වන්නේ ඇමරිකාවෙනි.  මෙම වෛරසය ව්‍යාප්තිය ආරම්භ කල චීනයෙන්ද වාර්ථා වූ සම්පූරණ ආසාදිතයන් ගණන 81,340ක් වශයෙන් සටහන්ව පැවතිනි.

එමෙන්ම ඊයේ දිනයේදී ඉතාලියෙන් නව ආසාදිතයන් 6203ක් හදුනාගෙන ඇති අතර සිදුවූ මරණ සංඛ්‍යාව 712කි.

ස්පාඤ්ඤයෙන් හදුනාගත් නව ආසාදිතයන් ගණන 8271 ක් වශයෙන් සටහන්ව ඇති අතර සිදුවූ මරණ ගණන 718කි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article