Thursday, December 26, 2024

උමා ඔය කැනීම් තාවකාලිකව නවතා දැමේ.

Must read

උමා ඔය ඉදිකිරීම් වලින් සිදුවන ජල කාන්දුව නිසි හේතුව හෙලි කරගැනීමට අවශය පරීක්ෂණ සිදුකරන තෙක් උමා ඔය කැනීම් දින 10කට අත්හිටුවීමට මහවැලි සංවර්ධණ හා පරිසර අමාත්‍යංශය තීරණය කර තිබෙනවා.

මේ තීරණය ගෙන ඇත්තේ පසුගිය දිනක ජනපති හා උමා ඔය ව්‍යාපෘතියේ නිලධාරීන් අතර ඇතිවී ඇති තත්වය පිලිබදව පැවැති සාකච්ඡාවකදීය.එම සාකච්ඡාවේදී

  1. කොත්ත්‍රාත් පදනම මත විශ්‍රාමික තක්සේරුකරුවන බදවාගනිමින් තක්සේරු කිරීමේ ක්‍රියාවලිය වේගවත් කිරීම.
  2. ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය විසින් ක්‍රියාත්මක කරන ලද ජල සම්පාදන ව්‍යාපෘති තුන ප්‍රමුඛතා පදනම සැලකිල්ලට ගනිමින් ඉදිරි මාස දෙක ඇතුළත නිම කර අතර සම්බන්ධතා නොමිලයේ ලබා දීම.
  3. වාරිමාර්ග හා ජල සම්පත් කළමණාකරණ අමාත්‍යංශය යටතේ ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය මගින් භූගත ජල සම්පත් පවතින ප්‍රදේශ වල ගැඹුරු ළිං හයක් ඉදිකිරීම මගින් විනාශයට පත් වූ ප්‍රදේශ වල පදිංචිකරුවන්ට පානීය ජලය හිඟයක් නොමැතිව ලාබ දීමට කටයුතු කිරීම.
  4. ස්වාභාවික භූගත ජල සම්පත සංරක්ෂණය කිරීම සඳහා අදාළ ප්‍රදේශවල දේශීය හා ආවේණික පැල සිටුවීෙම් කටයුතු පුළුල් කිරීම සඳහා වන සංරක්ෂණ දෙපාර්තෙම්න්තුව විසින් වැඩ සටහන් ක්‍රියාත්මක කිරීම. යන තීරණ ලටද එළඹී ඇත.

Uma-Oya-Hydropower

z_p22-Uma-01

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article