Monday, December 23, 2024

උතුරේ මාධ්‍යවේදියෙකුට හමුදාවෙන් පහරදෙයි

Must read



අද පෙරවරුවේදී යුද හමුදාවේ අමානුෂික ප්‍රහාරයකට ලක්වූ මුලතිව්හි මාධ්‍යවේදියෙකු රෝහල්ගත කර තිබේ. මෙම සිදුවීම සිදුවී ඇත්තේ මුලතිව් හී මුල්ලිවයික්කාල් ප්‍ර දේශයේදී වන අතර ඡායාරූප ගැනීමට ගොස් සිටි මාධ්‍යවේදියාට මුල්ලිවයික්කාල් ප්‍රදේශයේදී යුධ හමුදා සාමාජිකයින් 4 දෙනෙකු විසින් බාධා කරමින් පසුව දරුණු ප්‍රහාරයක් එල්ල කර ඇත.
ලංකා ශ්‍රී මාධ්‍ය ආයතනනයේ මාධ්‍යවේදියෙකු වන විශ්වලිංගම් විශ්වචන්ද්‍රන්ට මේ ආකාරයට යුද හමුදාව විසින් අමානුෂික ලෙස පහර දී ඇති බව මුලිතිව් මාධ්‍ය වාර්තා කර සිටියි. මේ වනවිට තුවාල ලබා විශ්වලිංගම් විශ්වචන්ද්‍රන් මහතා මුලතිව් රෝහලට ඇතුළත් කර ඇත.
මුල්ලිවයික්කාල් නාම පුවරුවේ ඡායාරූපයක් ගැනීමට උත්සාහා කළ අවස්ථාවේදී මාධ්‍යවේදි විශ්වලිංගම්ට හමුදා සෙබළුන් හතර දෙනෙකු පහර දී තිබෙනවා.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article