Wednesday, March 11, 2026

ඊයේ සිදුවූ පැය දෙකේ විදුලි කප්පාදුව නවතී

Must read

 

ලංකා විදුලි බල මණ්ඩලයට ඉන්ධන සැපයීමට තිබූ ණය සීමාව ඉක්මවා යාම හේතුවෙන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව කෙරවළපිටිය බලාගාරයට සපයන ලද ඉන්ධන ප්‍රමාණය අත්හිටුවීම හේතුවෙන් ඊයේ (03) දිනයේදී පැය දෙකක කාලයක් විදුලිය සැපයීම අත්හිටුවීමට ලංකා විදුලිබල මණ්ඩලය පියවර ගෙන තිබිණි.

නමුත් පසුව ප්‍රවාහන කළමනාකරණ විදුලි බල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා කැබිනට් මණ්ඩලයේ ආවරණ අනුමැතියට යටත්ව විදුලි බල මණ්ඩලයට ඉන්ධන සැපයීම අඛණ්ඩව පවත්වාගෙන යන ලෙස ලංකා ඛනිජ තෙල් නීතිගත ස්ථාවට උපදෙස් ලබා දී ඇති අතර, නැවතත් ඉන්ධන සැපයීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කළ බැවින් විදුලි බල මණ්ඩලය සැලසුම් කළ විදුලි බලය පැය දෙකකින් කපා හැරීම අත්හිටුවීමට තිරණය කරන ලදී.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article