Tuesday, November 26, 2024

ඊයේ දිනයේ පමණක් මාරක රියඅනතුරු 6ක්..

Must read

ඊයේ දිනයේ (අගෝස්තු 8) වනදිනට පමණක් මාරක රිය අනතුරු 6ක් ශ්‍රී ලංකා පොලීසියට වාර්ථා වී තිබෙනවා. ඉන් දෙකක් වව්නියාව ප්‍රදේශයේදී සිදුවී ඇති අතර අනෙත් අනතුරු මූතූර්,පොලොන්නරුව,දෙහිඅත්තකණ්ඩිය හා ආනමඩුව ප්‍රදේශයන් වලදී සිදුවී තිබෙනවා. මේ අනතුරු වලින් 6 දෙනෙක් මිය ගිය බවයි පොලිස් වාර්ථා සදහන් කරන්නේ.

ඊයේ දහවල් 1.30ට පමණ වව්නියාව මුන්නිමුරුප්පු ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් 50 හැවිරිදි වීරයියා ලක්ෂ්මි කාන්තන් නැමැත්තෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර ඒ අතරම වව්නියාවේ සෙට්ටිකුම් මාර්ගයේ  රාසේන්ද්‍රකුම් ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් රත්මල්ගහවැව ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.

මූතූර්හි පට්ටිතිඩාල් ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් 76 හැවිරිදි පුද්ගලයෙකු මිය ගිය අතර ආණමඩුව ධර්මපාලය ප්‍රදේශයේදී 22 හැවිරිදි තරුණයකු සිදුවූ රිය අනතුරුක් නිසා ජීවිතක්ෂයට පත්ව ඇත.

accident2-415x260

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article