කාලයකට පසු දීර්ඝතම කාලයක් විදුලි කප්පාදුවක් සිදුකරන දිනයක් වශයෙන් අද (02) ඉතිහාස ගතවනු ඇත. ඒ අද දිනයේදී සිදුවන පැය 7යි මිනිත්තු 30ක කාලයක විදුලි කප්පාදුවත් සමගිනි. අද මෙන්ම හෙට දිනයේදිත් මේ ආකාරයෙන්ම පැය 7කට අධික කාලයක් විදුලි කප්පාදුව සිදුවනු ඇති බවටද වාර්තා වෙයි.
කෙසේ වෙතත් විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ පවසා ඇත්තේ මේ දිනවල සිදුවන විදුලි කප්පාදුව එළඹෙන 5 වනදායින් අවසන් වන බවයි. නමුත් විදුලි බල අමාත්‍යංශ ආරංචි මාර්ග පවසන්නේ තවදුරටත් ඉන්ධන නොලබෙන්නේ නම් මේ මස අගවන විට පැය 10ක පමණ කාලයක් විදුලි කප්පාදුවක් සිදුකිරීමට සිදුවනු ඇති බවයි.