Friday, November 1, 2024

ඇමරිකානු ඩොලර් 60 කින් ඉන්දියාවට යන්න අවස්ථාව ලගදිම …

Must read

දකුණු ඉන්දියාව (පොන්ඩිචෙරි), කන්කසන්තුරේ (කේකේඑස්) සහ ත්‍රිකුණාමලය අතර 2023 ජනවාරි මැද භාගයේදී පාරු සේවාවක් ආරම්භ කිරීමට තීරණය කර ඇති බව ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පසුගිය දා පවසා තිබුණි..

අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකදී මෙම තීරණය ප්‍රකාශයට පත් කර තිබුන අතර  මෙම සේවාව සඳහා ඉන්දීය රජය කැමැත්ත පළ කර ඇති බව ඔහු පැවසීය.

“ඉන්දියානු පුරවැසියන් විශාල පිරිසක් යාපනය අර්ධද්වීපයේ ව්‍යාපාරික කටයුතුවල නියැලී සිටිති. එවැනි සම්බන්ධයක් සමඟින් නව සේවාව මගින් විශාල විදේශ ආදායමක් උපයා ගැනීමට අපේක්ෂා කෙරේ. එය ඉන්දියාවට පැමිණෙන බෞද්ධ වන්දනාකරුවන්ටද ඉමහත් පහසුවක් වනු ඇත,” ඇමතිවරයා කියා පවසා ඇත.

නව සේවාව යටතේ යාත්‍රා මගින් මගීන් 300ත් 400ත් අතර ප්‍රමාණයකට ගමන් කළ හැකි අතර ඒ සදහා  අතර පැය තුනහමාරක් පමණ ගතවන මෙම සාකච්ජාවේදි ප්‍රකාශ විය

එක් ගමනක් සඳහා මගියෙකුගෙන් ඇමෙරිකානු ඩොලර් 60ක් (රුපියල් 21,000ක් පමණ) අය කළ යුතු බවත් සෑම මගියෙකුටම ගමන් මලු කිලෝග්‍රෑම් 100ක් දක්වා රැගෙන යා හැකි බවත් පෙරි සේවාව ක්‍රියාත්මක කිරිමට අදාල පිරිස් විසින් පවසන්නට යෙදුණි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article