වෙළද පළේ බොරතෙල් මිළ පහල යාමත් සමගින් නිත්‍යාණුකුල මුදල් අමාත්‍ය මංගල සමරවිර මහතා කියා සිටියේ මිළ සුත්‍රය ක්‍රියාත්මක වුයේ නම් ඉන්ධන අනිවාර්යෙන්ම මේ දිනවල පහල යා යුතු බවය.මුදල් ඇමති විසින් සිදුකරන්නට යෙදුන මේ අභියෝගයය නිසා කුමන්ත්‍රණ ආණ්ඩුවට අද රාත්‍රියේ සිට තෙල් මිළ අඩුකිරිමට පියවර ගෙන තිබේ.
මේ අතර ශ්‍රි ලංකා මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා ඊයේ පවසා තිබුනේ ඉන්ධන මිල සූත්‍රය අහෝසි කර නැති බවය.
අන්තර්ජාතික මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඇගයීම් වාර්තාවක් ඉදිරිපත්කර ස්වයංක්‍රීය ඉන්ධන මිල සූත්‍රයක් ක්‍රියාත්මක කළ යුතු යැයි පසුගිය වසරේ අගෝස්තු මාසයේදී පෙන්වා දි තිබේ.
ඒ අනුව අමාත්‍ය මංගල සමරවීර මහතා ඉන්ධන මිල සූත්‍රයක් ඉදිරිපත් කළ අතර එයට අනුව ඉන්ධන මිල මාස දෙකෙන් දෙකට වෙනස් විය.
පසුගිය දා මහින්ද රාජපක්ෂ මහතා ඉන්ධන මිල සූත්‍රය අහෝසි කරන බව ප්‍රකාශ කළ අතර සහන පැකේජයක් ද නිවේදනය කර තිබේ. එහෙත් අද මැදියම් රැයේ සිට ඉන්ධන මිළ අඩුවන්නේ යහපාලන රජය විසින් ක්‍රියාත්මක කරන්නට යෙදුන වැඩපිළිවෙල යටතේය.