Friday, September 20, 2024

ඇදිරිනීතිය කඩකරමින් කුරුණෑගල දේවාලයක බලෙන් පූජාවක් තියලා

Must read

කුරුණෑගල නගරයේ ප්‍රසිද්ධ ව්‍යාපාරික ආයතනයක කළමණාකරුවෙකු අලුතින්ම මිළදීගත් මෝටර් රථයකට පූජාවක් තැබීම සඳහා අද (14) පස්වරුවේ ඇඳිරි නීතියද කඩ කරමින් කුරුණෑගල කතරගම දේවාලයට ඇතුළුවී බලහත්කාරයෙන් පූජාවක් තැබී⁣මේ සිද්ධියක් වාර්තාවේ .

මෙම පූජාව සඳහා එම පුද්ගලයාගේ පවුලේ සාමාජිකයින් හිතවතුන් ඇතුළු 25 දෙනෙකුට ආසන්න විශාල පිරිසක් සහභාගි වී සිටි බවද ඇඳිරි නීති රෙගුලාසි සහ රට තුළ ක්‍රියාත්මක සෞඛ්‍ය නීතිරීතිද උල්ලංඝනය කරමින් මෙම පිරිස කටයුතු කර ඇති බවට කුරුණෑගල කතරගම දේවාලයේ පාලක මණ්ඩලයේ නිලධාරියෙක් සඳහන් කළේය .

මෙම පිරිසේ කිසිවකු රජය විසින් පනවා ඇති සෞඛ්‍ය නීතිරීති අනුව මුඛ ආවරණ පවා පැළැඳ ⁣නොසිටි බවද ඔහු පැවසීය .

මේ සම්බන්ධයෙන් පොලිස් හදිසි ඇමතුම් ඒකකයට දැනුම් දුන්නද එම ඒකකයේ නිලධාරීන් පැමිණ මෙම නීතිවිරෝධි කටයුත්ත සම්බන්ධයෙන් කිසිදු නීතිමය ක්‍රියා මාර්ගයක් ගෙන නැති බවටද එම නිලධාරියා චෝදනා කළේය .

ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීම හේතුවෙන් දිනපතාම දෙවරක් දේවාල අභ්‍යන්තරයේ දේව පූජාව ඉටු කළද බැතිමතුන් සඳහා දේවාලය විවෘත ⁣නොකරන අවස්ථාවක මෙම පිරිස බලෙන් පූජාවක් පවත්වා ඇති බවද ඔහු සඳහන් කළේය .

(Lankadeepa)

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article