Saturday, November 16, 2024

ආරක්ෂක අංශ විසින් ත්‍රිකුණාමලයේදී පුද්ගලයෙකු පැහැර ගනියි ?

Must read

39 හැවිරිදි මනෝහර්දාස් සුබාස් නමැත්තාව පසුගිය 28 වනදා අලුයම නාඳුනන පුද්ගලයින් විසින් ත්‍රිකුණාමලය වරෝදයනගර් හි පිහිටි ඔහුගේ නිවසේදී පැහැරගැනීමකට ලක්කළ බවට ඔහුගේ පවුලේ සාමාජිකයින් විසින් මානව හිමිකම් කොමිසමේ ත්‍රිකුණාමලය ප්‍රාදේශීය කාර්යාලයට පැමිණිලි කර තිබේ. ඔහුගේ බිරිද විසින් මාධ්‍යට පවසා ඇත්තේ ආයුධ සහිතව වාහනයකින් පැමිණි පුද්ගලයින් විසින් ඔහුව ප්‍රශ්න කිරීම සඳහා උප්පුවේලි පොලිසියට ගෙන යන බව ඔවුන්ට පවසා මනෝහර්දාස් රැගෙන ගිය බවයි.

මේ පිළිබඳව විමසීමට ඔහුගේ ඥාතීන් උප්පුවේලි පොලිසියට ගිය විට පොලිසියේ කිසිදු නිලධාරියෙකු විසින් මනෝහර්දාස් සුබාස්ව අත්අඩංගුවට ගැනිමක් සිදුනොකළ බව පවසා තිබේ. ඉන්පසුව පවුලේ සාමාජිකයින් මානව හිමිකම් කොමිසමේ ත්‍රිකුණාමලය ප්‍රාදේශීය කාර්යාලයට පැමිණිලි කිරීමට කටයුතු කිරීමෙන් අනතරුව මානව හිමිකම් කොමිසමේ සාමාජිකයින් මනෝහර්දාස්ගේ පවුලේ සාමාජිකයින් මුණගැසීමට පැමිණ තිබේ. මෙම සිදුවීම සිදුවී දෙවෙනි දවස (29) වනවිට මානව හිමිකම් කොමිසමේ මැදිහත්වීම මත සිදුකළ විමසීම් වලදී දැනගන්නට ලැබුණ තොරතුරු අනුව, අත්අඩංගුවට ගැනීම කොළඹින් පැමිනි කණ්ඩායමක් විසින් සිදුකර තිබෙන බවට ආරක්ෂක අංශ විසින් පිළිතුරු දී ඇති බවට නැගෙනහිර මාධ්‍යෙව්දීන් පවසයි. මනෝහර්දාස්ගේ පවුලේ සාමාජිකයින් විසින් මාධ්‍ය වෙත පවසා ඇති තොරතුරු අනුව ඔහු පුනරුත්ථාපනය වු එල්.ටී.ටී.ඊ. ක්‍රියාධරයෙකු වන අතර , පුනරුත්ථාපනයෙන් නිදහස් වූ පසු වසර ගණනාවක සිට ව්‍යාපාරික කටයුතු වල යෙදී සිට ඇත.



දේවා.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article