Friday, September 20, 2024

ආයෝජන මණ්ඩලයේ කර්මාන්තශාලා 1600කට PCR අනිවාර්යයි

Must read

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය යටතේ ඇති 1600කට අධික කර්මාන්ත ශාලාවල සේවකයන්ගෙන් අහඹු ලෙස තෝරාගත් සේවකයන් සතිපතා අනිවාර්යයෙන්ම පී.සී.ආර්. පරීක්ෂණවලට ලක් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය නියෝග කර ඇත.

එම කටයුතු කර්මාන්තශාලාව පිහිටි ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයාගේ අධීක්ෂණය යටතේ සිදුවිය යුතුය. එමෙන්ම දැනට රජයේ රසායනාගාරවල පවතින අධික ධාරිතාව හමුවේ මතුවන ප්‍රමාදවීම් මගහරවා ගැනීම සඳහා මෙම පී.සී.ආර්. පරීක්ෂණ පෞද්ගලික රෝහල් රසායනාගාර ඔස්සේ සිදු කරගන්නා ලෙසටද සෞඛ්‍ය අමාත්‍යාංශය උපදෙස් ලබා දී ඇත.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article