Friday, September 20, 2024

ආනවිලුන්දාව රැම්සා රක්‍ෂිතය ඩෝ සර් කිරීම: ‘ඔක්සිජන් ඇමති’ගේ සොහොයුරා මාට්ටු !

Must read

පුත්තලම ආනවිලුන්දාව රැම්සා රක්ෂිතය ඩෝසර් කිරීමට නුබල දුන්නේයැයි චෝදනා එල්ල වී ඇති ප්‍රබල දේශපාලඥයාගේ සහෝදරයා අත්අඩංගුවට

ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා ඇති නමුත්, මේ වන විට සැකකරු ප්‍රදේශයෙන් අතුරුදහන් වී ඇතැයි පුත්තලම නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය සඳහන් කරයි.

කෙසේ නමුත් ඔහුව අත්අඩංගුවට ගැනීම සඳහා රාජ්‍ය බුද්ධි අංශ විමර්ශන අරඹා ඇති බවත් මෙම සැකකරු ඉදිරි දින කිහිපය ඇතුළත අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන බවත් පොලිසිය සඳහන් කරයි.

අදාළ සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කර සිටින ව්‍යාපාරිකයා විසින් පොලීසියට පවසා ඇත්තේ මෙම සිද්ධියට අනුබල ආධාර දී ඇත්තේ දිස්ත්‍රීක්කයේ ප්‍රබල දේශපාලනඥයකුගේ සොහොයුරා බවයි.

Anavilundawa Ramsar reserve

 

‘දිවයින’ අනාවරණය :

මේ අතර ඉරිදා ‘දිවයින’ පුවත්පත වාර්තා කර ඇත්තේ, මීට මැදිහත්වී ඇත්තේ මීට ප්‍රථම මීගමුව ප්‍රදේශයේදී කඩොලාන භූමියක් විනාශකරන්නට අවසරදී ගම්පහ වන සංරක්ෂණ නිලධාරිනිය හා පැටලූණු ඇමැතිවරයා ම බවයි.

එම පුවත් වාර්තාවේ තව දුරටත් මෙසේද සඳහන් වේ.

ඉස්සන්කොටු සඳහා මෙසේ අභයභූමිය එළිකර ඇති අතර, එක රැයින්ම ලියදි මෙන් සකසා ඉස්සන් වගාවට ම සුදුසු පරිදි භූමිය සකසන්නට තරම් සූක්ෂමව හා ඉක්මණින් ක්‍රියාකරන්නට මේ කටයුත්ත සිදු කළ පුද්ගලයන් කටයුතු කර ඇත.

මේ සඳහා ප්‍රදේශයේ දේශපාලකයකුගේ පූර්ණ සහාය හා ආරක්ෂාව ලැබී ඇති බව වාර්තා වේ.

”ආනවිලූන්දාව ජාත්‍යන්තර රම්සාර් තෙත්බිමක් ලෙස ප්‍රකාශයට පත්කර ඇතත්, එහි පැවැත්මට ඇති තර්ජන තවමත් නිමවී නැති බව ඉකුත්දා මහ රාත්‍රීයේ බුල්ඩෝසර රැගෙනවිත් මෙම අභයභූමියේ අක්කරයකට වැඩි ප්‍රමාණයක් හෙළි පෙහෙළි කිරීමෙන් පැහැදිලි වේ.”

මීට මැදිහත්වී ඇත්තේ මීට ප්‍රථම මීගමුව ප්‍රදේශයේදී කඩොලාන භූමියක් විනාශකරන්නට අවසරදී ගම්පහ වන සංරක්ෂණ නිලධාරිනිය හා පැටලූණු ඇමැතිවරයා ම බව වාර්තා වේ.

ඔහුගේ සොයුරකු මේ පසුපස සිටින බව වාර්තාවන අතර, ප්‍රදේශයේ ඇළක් පිළිසකර කරන මුවාවෙන් බුල්ඩෝසර රථ ගෙනැවිත් මෙසේ වනය එළි කළ දින සවස 6 න් පසු අභයභූමිය තුළට ඒවා රැගෙනවිත් මෙම විනාශය සිදුකර ඇති බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මේ වනවිට මෙම විනාශය පිළිබඳව ආරච්චිකට්ටුව පොලිසිය දැනුවත්කර, හලාවත අධිකරණයට කරුණු වාර්තාකර ඇති බව වනජීවී අමාත්‍ය විමලවීර දිසානායක සහ වනජීවී අධ්‍යක්ෂ ජනරාල් චන්දන සූරියබණ්ඩාර මහත්වරු පවසති.

මේ පිළිබඳව පරීක්ෂණ කටයුතු පුත්තලම සහකාර වනජීවී අධ්‍යක්ෂ එරන්ද ගීතරුවන්ගේ මැදිහත්වීමෙන් ආරම්භ කර ඇත.”

Kariyamaditte himi post

 

 

(theleader.lk)

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article