මිනිස් ජිවිතය දිනෙන් දින දැවැන්ත අර්බුදයක් කරා ගමන් කරමින් තිබේ. සෑම දිනකම ජනතාවට අසන්නට ලැබෙන්නේ මිළ ඉහල යෑම් සහ භාණ්ඩ හිගයන් පිළිබදවය.
දැන් කිරිපිටි මිළද ඉහල යෑමට නියමිතව තිබේ.
ඒ් අනුව ආනයනික කිරිපිටි කිලෝවක් රුපියල් 1345 සිට 1945 දක්වා ද ග්රෑම් 400ක පැකට්ටුවක මිල රුපියල් 540 සිට 800 දක්වා වැඩි කිරිමට සිදුව ඇතැයි කිරිපිටි ආනයන කරුවෝ පවසන බව ලංකාදිප වෙබ් අඩවිය වාර්තා කර තිබේ.
ලෝක වෙළෙඳ පොළේ කිරිපිටි කිලෝවක මිල ඩොලර් 2.80 සිට ඩොලර් 5.30 දක්වා ඉහළ යාම සහ ඇමෙරිකා ඩොලරයක වටිනාකම රුපියල් 202 සිට රුපියල් 280 දක්වා වැඩිවීම හේතුවෙන් ආයනයන කිරිපිරි මිල වැඩිකිරීමට සිදුව ඇතැයි එම සමාගම් කියයි.