Friday, September 20, 2024

ආණ්ඩුකාරයාගේ අධීක්ෂණයෙන් කාර්ගිල්ස් නීති ලොක්කිගේ අනවසර ඉදිකිරීම් ඉවත් කරන්න නියෝග !

Must read

කාර්ගිල්ස් බැංකුවේ ප්‍රධාන නීති නිලධාරිනිය වන සජීවනී සෝලංගආරච්චි නැමැත්තිය විසින් කැලණිය වරාගොඩ පාරට මායිම්ව ඉදිකරන ලද ගොඩනැගිල්ලක් කඩා ඉවත්කරන ලෙස කැලණිය ප්‍රාදේශීය සභාව දැනුම් දී තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට අධ්‍යක්ෂ ජනරාල් (මහජන සම්බන්ධතා) හරහා අසල් වැසියකු විසින් කරන ලද පැමිණිල්ලකට අනුව බස්නාහිර පළාත් ආණ්ඩුකාර හිටපු ගුවන් හමුදාපති රොෂාන් ගුණතිලක මහතා විසින් පළාත් කොමාසාරිස්වරයා වෙත ලබාදුන් උපදෙස් මත එම ඉදිකිරීම නීතිවිරෝධී බව තහවුරු කරගැනීමෙන් පසුව මෙම දැනුම්දීම ප්‍රාදේශීය සභාව සිදු කර ඇති බව පැවසේ.

මේ සම්බන්ධයෙන් බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයාගේ නිර්දේශ මත පළාත් පාලන කොමසාරිස්වරායා විසින් විමර්ශනයක් සිදුකරමින් ඇතැයි ද වාර්තා වේ.

ඒ මේ නීති නිලධාරිනියට අයත් පර්චස් 3ක් පමණ වන ඉඩමට කැලණිය ප්‍රාදේශීය සභාව විසින් ගොඩනැගිලි සැලැසුම් නීති හා වීථිරේකා නීති උල්ලංඝනය කර සැලැසුමක් අනුමත කිරීම සම්බන්ධයෙනි.

එම කටයුතු සම්බන්ධයෙන් කැලණිය ප්‍රාදේශීය සභාවේ වැඩ අධිකාරීවරයකුට හා ලේකම්වරියකට ද චෝදනා එල්ලව ඇති බවද පැවසේ.

අදාළ වැඩ අධිකාරීවරයාට මේවන විට ද ස්ථානමාරුවක් ලබාදී ඇති බවත්, ඔහු කොරෝනා තත්ත්වය ප්‍රයෝජනයට ගනිමින් මෙතෙක් කැලණිය ප්‍රාදේශීය සභාවේ සේවය කරමින් ඇතැයි ද වාර්තා වේ.

මෙතෙක් කළ පරීක්ෂණ වලට අනුව හෙළිව ඇත්තේ අදාළ නීති නිලධාරිනිය හා ඔහුගේ සැමියා වන දොස්තර තුෂාර ගුණතිලක නැමැත්තා විසින් කළක සිට කුඩා ඉඩම් කැබලි මිලදී ගනිමින් (ගොඩනැගිලි සැලැසුම් අනුමත නොකරණ) නිවාස හෝ ව්‍යාපාරික ස්ථාන ඉදිකර විකිණීමේ ව්‍යාපාරයක් පවත්වාගෙන ගොස් ඇති බවයි.

මේ යුවලට අදාලව කැලණිය වීරසිංහ මාවතේ ඇල මාර්ගයක් අල්ලා ගැනීම සම්බන්ධයෙන්ද පරීක්ෂණයක් ක්‍රියාත්මක බව පැවසේ.

එමගින් එහි පවුල් 6කට අවහිරතා මතුව ඇති බවට ප්‍රාදේශීය සබාවට පැමිණිලි ලැබී ඇති බවද වාර්තා වේ.

එම පැමිණිලි විශ්‍රාමික පොලිස් නිලධාරියකු හා පළාත් පාලන කොමසාරිස් කාර්යාලයේ ඉහල නිලධාරිනියකගේ මැදිහත්වීමෙන් මෙතෙක් යටගසාගෙන තිබූ බවද පැවසේ.

ජනාධිපති කාර්යාලයේ මැදිහත්වීමත් සමඟ මේ සියලු තොරතුරු අනාවරණය කරගෙන ඇතැයි වාර්තා වේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article