Saturday, September 21, 2024

ආගම්වලට අපහාස කරන්නන්නට නීතිය තදින්ම ක්‍රියාතමකයි – පොලිස් මාධ්‍යප්‍රකාශක

Must read

hqdefaultපසුගිය අප්‍රේල් මාසයේ සිට මේ දක්වා ජාතිවාදය සම්බන්දයෙන් වන දිවයින පුරා සිදුවූ ප්‍රධාන පෙලේ සිදුවීම් 16ක් වාර්ථා වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා පවසා තිබෙනවා. මේ සිදුවීම් සම්බන්දයෙන් මේ වන විට පුද්ගලයන් 4දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.

නුගේගොඩ,විජේරාම ප්‍රදේශවල සිදුවූ සිදුවීම් 4ක් සම්බන්දයෙන් සැකපිට මහරගම ප්‍රදේශයේ පදිංචි 32හැවිරිදි පුද්ගලයෙකු පොලීසිය විසින් මේ වන විට අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු බොදු බල සේනා සංවිධානයේ සාමාජිකයෙකු වන අතර මේ වන විට ඔහුගෙන් ප්‍රශ්ණ කරන බවයි ජයකොඩි මහතා පවසා සිටියේ.

ඒ අතරම දංතුරේ ප්‍රදේශයේ සිදුවූ සිදුවීම් තුනකට වෙන් වෙන් වශයෙන් සම්බන්ද පුද්ලයන් 3න් දෙනෙකුද මේ වන විට අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඉන් එක් පුද්ගලයෙකු සමාජ මාධ්‍ය හරහා බුදුන්වහන්සේට අපහාස කල පුද්ගලයෙකු වන අර අනෙක් පුද්ගලයන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ දේපලවලට හානි කිරීමේ චෝදනාවන් සම්බන්දයෙනුයි.

වාර්ගීක ප්‍රශ්ණ හා ආගම් වලට අපහාස කිරීමේ සිදුවීම් වලට සම්බන්දවන පුද්ගලයන්ට හා කණ්ඩායමවලට එරෙහිව තදින්ම නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව පැවසූ ඒ මහතා තවදුරටත් පවසා සිටියේ මේ වන විට ත්‍රිකුණාමලය,ඇම්ඹිලිපිටිය,හා වෙන්නප්පුව යන ප්‍රෙද්ශවලින් මේ වන විට එවැනි සිදුවීම් වාර්ථා වී ඇති බවත් ඒ සම්බන්දයෙන් අවශවන වැඩිදුර පරීක්ෂණ කටයුතු මේ වන විට සිදුකරමින් පවතින බවත් ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියේය.
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article