Saturday, September 21, 2024

අසාද් සාලි නිදොස් කොට නිදහස්

Must read

ජාතීන් හා ආගම් අතර අසමගිය ඇතිකිරීම හා සංහිඳියාව බිඳ දැමීමට උත්සාහ දැරීමේ චෝදනා මත රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු පළාත් ආණ්ඩුකාර අසාද් සාලි මහතා සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා අද (2) නියෝග කළේ ය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස වගකීම් විරහිතව ද්වේශ සහගතව සිදුකර ඇති පැමිණිල්ල නිසා තම සේවාදායකයාට අගතියක් වූ බවට අසාද් සාලි මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා අධිකරණය හමුවේ කරුණු දැක්වීම හේතුවෙන් අසාද් සාලි මහතා අත්අඩංගුවට ගැනීමට හේතුවූ පැමිණිල්ල සිදුකළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මොහොමඩ් මුසම්මිල් ,නිමල් පියතිස්ස හා ගාමිණී වලේබොඩ යන මහත්වරුන්ට ලබන වසරේ පෙබරවාරි 21 අධිකරණයේ පෙනී සිටින ලෙස මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළේ ය.

අසාද්සාලි මහතා අත්අඩංගුවට ගනු ලැබුවේ පසුගිය මාර්තු 16 වනදා වන අතර ඊට හේතු වූයේ මාර්තු 9 වැනිදා මාධ්‍ය හමුවකදී කළ ප්‍රකාශයකි. ඉන්පසුව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත හා සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත යටතේ ඔහුට එරෙහිව මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කෙරිණි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article