Saturday, September 21, 2024

අස්වාභාවික ලෙස මුහුදු රළ ගලාවිත් මුතුපන්තිය යටවෙයි

Must read

අස්වාභාවික ලෙස මුහුදු රළ ගලා ඒම හේතුවන් ආරච්චිකට්ටුව – මුතුපන්තිය ධීවර  දූපතේ පවුල් 13 ක් පමණ පීඩාවට පත්ව සිටී.

31 වැනිදා අළුයම 1.30 ට පමණ එක් වරම මුහුද ගොඩ ගලන්නට පටන් ගත් බව මුතුපන්තිය දූපතේ වැසියන් සදහන් කළේය.

බටහිරෙන් මුහුදට සහ නැගෙනහිර දෙසින් හැමිලටන් ඇලටද මුතුපන්තිය දූපත මැදිව පිහිටා ඇත. දූපතේ ආරක්ෂාවට යොදා ඇති වැලි වැටි බිද ගෙන මුහුදු රළ ගොඩ බිමට පැමිණ ඇත.මෙම තත්ත්වය හේතුවෙන් මුහුදු වෙරළේ ස්ථාන කීපයකටම හානි වී ඇති බවක්ද දක්නට ඇත.මුහුදු රළ ගලා ඒම හේතුවෙන් තම නිවාස ඇතුළත අඩි 02 ක පමණ ජලයක් එක් රැස්වූ බව ඔවුන් කියා සිටියේය.

බටහිර දෙසින් ගලා ආ මුහුදු ජලය නැගෙනහිර දෙසින් පිහිටි හැමිල්ටන්  ඇලට ගලා යාම හේතුවෙන් දූපතේ ඇතැම් ස්ථාන හානියට පත්ව ඇති බවක්ද දක්නට ඇත.ඇතැම් ස්ථාන වල ජලය බැස නොයාම හේතුවෙන් එක් රැස්වී තිබෙන බවක්ද දක්නට ඇත.

ජුඩ් සමන්ත

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article