Monday, December 23, 2024

අවශ්‍ය සේවාවන් ලබා ගැනීමට කම්කරු දෙපාර්තමේන්තුවට පැමිණීමේ අවශ්‍යතාවක් නැහැ – කම්කරු දෙපාර්තමේන්තුවෙන්

Must read

දැනට උද්ගතව ඇති කොවිඩ් නයින්ටීන් වෛරස් තත්ත්වය හේතුවෙන් සේවාවන් ලබාගැනීම සඳහා කොළඹ නාරාහේන්පිට පිහිටි ප්‍රධාන කාර්යාලයට පැමිණීමේ අවශ්‍යතාවයක් නොමැති බවත් කම්කරු දෙපාර්තමේන්තුවේ මහජන සේවාවන්ට අදාළ සියලු කටයුතු ප්‍රාදේශීය කාර්යාල හරහා සිදුකිරීමට අවශ්‍ය විධිවිධාන යොදා ඇති බව කම්කරු කොමසාරිස් ජනරාල් ඒ. විමලවීර මහතා පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් කම්කරු දෙපාර්තමේන්තුව මේ බව සඳහන් කරයි.

අදාළ නිවේදනය මඟින් ඔවුන් පෙන්වාදෙන්නේ, කම්කරු දෙපාර්තමේන්තුවේ මහජන සේවාවන්වලට අදාළ සියලු කටයුතු සියලු ප්‍රාදේශීය කාර්යාල වෙත විමධ්‍යගත කර ඇති බවය.

එබැවින් ප්‍රාදේශයේ කම්කරු කාර්යාලය විසින් අදාළ සේවාවන් ලබාගැනීමට කටයුතු කරන ලෙස ද එම නිවේදනය මඟින් ඉල්ලා තිබේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article