2021 ජූනි 26 වනදා ඉතාලියේ මිලානෝ නගරයේදී LGBT ප්‍රජාව සහභාගී වු රැළියක් පැවැත්විණි. මෙම රැළිය ඔවුන් පවත්වන ලද්දේ සිය ලිංගික අනන්‍යතාවය හේතුවෙන් ඔවුන්ට ඉතාලියේ දී මුහුණ දීමට සිදුව ඇති වෙනස්කම් වෙනුවෙන් හඬනැගීමට මෙන්ම අයිතිවාසිකම් වෙනුවෙන් පෙනීසිටීමටය. රැළියට සමලිංගික, ද්වීලිංගික සහ සංක්‍රාන්ති ලිංගිකයන් දහස් ගණනක් සහභාගී වූ අතර ඔවුන්ගේ ගැටලු වලට සවන්දීම ට මිලානෝ නගරයේ නගරාධිපතිවරයා ද මෙම අවස්ථාවට සහභාගී විය.