Wednesday, December 18, 2024

අමුතු ජනාධිපතිවරයෙක් ඕනෑකර තිබේ !

Must read

( 8.30 am ) අමුතු දොස්තර වීරයෙකු වෙන්නේ අවට ඉතිරි පුද්ගලයන් හා සියල්ල ජරාජීර්ණව පවතින බැවිනි. දුෂ්ඨ කම වංචාව, නාස්තිය සහ දූෂණය රජයන බැවිනි. එසේ නොමැතිව තිබුණි නම් සාමාන්‍ය ප්‍රේකෂකයාට පවා ඔහුගේ සාමූහික නොවන, සියල්ල දත්, රෝග නිධානය පසෙකලා රෝගය සඳහා පැලැස්තර අලවන ක්‍රියාකලාපයන් මනෝවිද්‍යාත්මකව, දේශපාලණිකව හා සාමාජීයිකව තර්කානුකූල නොවන බැව් මෙන්ම නිවරැදි නොවන බැව් වටහා ගැනිමට විෂ්ලේශණ අවශ්‍ය නොවේ.

එහෙත් අමුතු දොස්තරලා සහ අමුතු පුද්ගලයින් සමාජයට අවශ්‍ය මොහොතවල් තිබේ. ඔවුන් ආශක්තය. ජනප්‍රියය. එබැවින් ඔවුන්ගේ ක්‍රියාකලාපයන් පහසුවෙන් නිශේධනය කළ හැකි නොවේ.

ජවිපෙ මෑතකාලීන සහ වර්තමාන දේශපාලන ප්‍රතිපත්ති මම තරයේම ප්‍රතික්ශේප කරමි. 93/94 ට එහායින් තිබුණු දේශපාලන ප්‍රතිපත්ති කෙරෙහි තිබෙන්නේත් ඉතා දැඩි විවේචණයකි. විශේෂයෙන්ම ජාතික ගැටළුව කෙරෙහි මතවාදී අර්බුදය සහ උතුරේ ජනසංහාරයට ජවිපෙ දැක්වූ සක්‍රීය දායකත්වය දනවන්නේ පිළිකුලකි. එහෙත් ජවිප‍ෙ විසින් පසුගිය ජනාධිපතිවරණයේදී සහ මහා මැතිවරණයේදී සිදුරකන ලද බල පෙරලිය සාධනීයව දකින්නට කිසිවෙකුට නොහැකි නම් එය සැබැවින්ම අඥානය. යම් තරමකින් වත් ප්‍රගතිශිලී නොවේ. අපට දේශපාලන අනාවැකි ඕනෑතරම් පැවසිය හැකිය. එහෙත් ජරාජීරණ වූ මජර දේශපාලණ කුණු කන්දල් තොගයක් පලවා හැර යම් ප්‍රමාණයක ශාන්තියක් රටට ලැබුණු මේ මොහොතේ සිවිල් සමාජය සහ අනෙකුත් ප්‍රගතිශීලි දේශපාලන ක්‍රියාකරුවන් කළ යුතුව ඇත්තේ ජවිපෙ ලවා වඩාත්ම වැඩදායී හෝ සමාජයට සුබදායී හෝ තීන්දු තීරණ ගැනීම සඳහා යොමුකරවීමයි. ඒ සඳහා සුදුසු වෙනත් අවස්ථාවක් නොතිබෙන්නට බොහෝ ඉඩ ඇත.

අනුර සහ හරිණිව ගතහොත් අප පිළිගත්තා වුවත් නැතිවුවත් ඔවුන් කෙරෙහි ජනතාව දක්වන විශ්වාසය පවතින්නේ මාලිමාවේ ඉතිරි බුරුත්තටම වඩා ගව් ගණනක් ඉහලිනි. මේ මොහොතේ තවමත් රටේ ජනතාව අනුර සහ හරිණිට සවන්දීමට කැමතිය. ඔවුන්ව විශ්වාස කිරීමට කැමතිය. එහෙත් සමස්තයක් වශයෙන් මාලිමාවේ විශ්වාසනීයත්වය ඉතා සීඝ්‍රයෙන් බිඳීයමින් පවතින බවත් අතිශෝකියක් නොවේ. ෆේස්බුක් විරෝධතා කෙසේවෙතත් රටේ ජනතාව ජවිපෙන් එකවර විස්මිත ක්‍රියා බලාපොර‍ොත්තු වන්නේ නැත. ඔවුන් මේ මොහාතේ ජවිපෙන් බලාපොරොත්තුවන්නේ සත්‍යගරුකභාවයයි. අවංකභාවයයි. නීතිගරුකභාවයයි. විශ්වාසණියත්වයයි.

ඒ සඳහා අනුර සහ හරිණී ජනතාව ඉදිරියේ පෙනී සිටිය යුතුය. මතවදයට ලක්වන සියළු කරුණු වෙනුවෙන් පැහැදිලි කිරීම් කළයුතුය. චෝදනා වේ නම් ක්ෂණික තීන්දු ගත යුතුය. දුන් පොරොන්දු වලින් ඉටු කළ හැකි දෑ සඳහා ඉක්මන් කළ යුතුය.ඉටු කළ නොහැකි නම් ඉටුකළ හැකි විදි සහ කාල වකවාණු ප්‍රකාශයට පත් කළ යුතුය.

විශ්ෂයෙන්ම අනුර අවබෝධ කර ගත යුතුව ඇත්තේ පක්ෂ නායකත්වය දැරූ ලෙසින් පක්ෂය පාලනය කළ පරිද්දේන් රටෙහි නායකත්වය දැරිය නොහැකි බව සහ රට පාලනය කළ නොහැකි බවය. අනුර පක්ෂ නායකත්වයේදී අවංක නොවීමෙන් හා සත්‍යගරුක නොවීමෙන් සාර්ථක වන්නට ඇත. එහෙත් රට පාලනයේදී සත්‍යගරුක බව හා අවංකබව බිලිදෙන තාක් කල් ජවිපෙ විසින්ම හඳුන්වා දුන් මේ දේශපාලන සංස්කෘතිය ඇතුළත පරාජිතයාවන්නේ ජවිපෙමය. විනාශයට ලක්වන්නේ ජවිපෙමය. ජනතාවට සිදුවන්නේ තවත් වටයකින් වෙනත් විසඳුමක් සෙවීමය. ( මහේෂ් මුණසිංහගේ ෆේස්බුක් පිටුවෙනි )

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article