Friday, September 20, 2024

අපොස උසස් පෙළ සදහා calculator භාවිතා කිරීමේ අවසරය

Must read

මෙවර උසස් පෙළ විභාගයේ තෝරාගත් විශයයන් කිහිපයක් සදහා පෙනී සිටින සිසුන් සදහා ගණකයන්ත්‍ර (calculator) භාවිතා කිරීමේ අවසරය ලබාදීමට තීරණය කර ඇති බව වාර්ථා වෙයි.

මේ සම්බන්දයෙන් විභාග දෙපාර්තමේන්තුව නිකුත් කර ඇති නිවේදනයට අනුව ගිණුම්කරණය,ඉංජිනේරු තක්ෂණය,තොරතුරු තාක්ෂණයහා ජෛව තාක්ෂණ ඉංජිනේරුවිද්‍යාව යන විශයන් සදහා පෙනී සිටි සිසුන්ට calculator භාවිතා කිරීමේ අවසරය හිමිවේ.විභාගයේදී භාවිතා කිරීමෙට අවසර හිමිවන්නේ Scientific calculators නොවන සාමාන්‍ය ගණක යන්ත්‍රබවද විභාග කොමසාරිස් සනත් පූජිත මහතා සදහන් කරයි.

එමෙන්ම ඉදිරියේදී පැවැත්වෙන රජයේ විභාග සදහාද ගණකයන්ත්‍ර භාවිත කිරීමේ අවස්ථාව ලබා දීමට කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවද විභාග දෙපාර්තමේන්තුව පවසයි.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article