Thursday, January 23, 2025

අන්තර්ජාලයෙන් උගන්වන්න පහසුකම් නැහැ- ලංකා ගුරු සංගමය

Must read

අධ්‍යාපන අමාත්‍යංශය මගින් කොවිඞ් වසංගත තත්වය හේතුවෙන්  පාසල් සිසුන්ට නිවසේ සිට වට්ස්ඇප්, වයිබර් වැනි අන්තර්ජාල වේදිකාවන් හරහා ඉගැන්වීම් කටයුතු සිදු කරන ලෙස උපදෙස් ලබාදුන්නත්  ලංකාවේ ගුරුවරුන් හා සිසුන් විශාල පිරිසකට එම පහසුකම් නොමැති වීමත්, දැනුම් නොමැති වීමත් හේතුවෙන් දැඩි අපහසුතාවයකට පත්ව ඇති බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා පවසයි.

ඇතැම් ගුරුවරුන්ට අන්තර්ජාල පහසුකම් නොමැතිවූවත් අන්තර්ජාල පහසුකම් ලබාදීමට හෝ උත්සාහයක් නොදරමින් ඇතැම් පාසල් වල විදුහල්පතිවරුන්ද ඉගැන්වීම් කටයුතු සිදුකරන ලෙස ගුරුවරුන්ට තදින් දැනුම් දී ඇති බවත් ස්ටාලින් මහතා සදහන් කරයි.

කොළඹ දිස්ත්‍රික්කයේ වුවත් සිසුන් බොහෝ පිරිසකට මෙම පහසුකම නොමැති බවත් මේ හේතුවෙන් පාසල් තුළ සිටින සිසුන්ව සමාජ මට්ටම් සහ ආදායම් මට්ටම් අනුව බෙදීමකට හා ඇතැම් සිසුන්ව කොන්වීමකට අපහසුතාවයට පත්වන බවත් ඒ මහතා පවසයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article