Sunday, October 11, 2026
spot_img
spot_img
spot_img
spot_img

අධිවේගී මාර්ග කොටස් තුනක් අද ජනතා අයිතියට

Must read

ශ්‍රී ලංකාවේ අධිවේගී මාර්ග ජාලයේ කොටස තුනක් අද (08දා) මධ්‍යම රාත්‍රී 12.00 සිට මහජනතාව වෙනුවෙන් විවෘත කරන බව මහාමාර්ග හා මාර්ග සංවර්ධන, ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව දක්ෂිණ අධිවේගී මාර්ගයේ බරවකුඹුක සිට අන්දරවැව හරහා මත්තල දක්වා කිලෝමීටර් 21.8ක්, දක්ෂිණ අධිවේගී මාර්ගයේ අන්දරවැව සිට හම්බන්න්තොට දක්වා කිලෝමීටර් 16.6ක් හා පිටත වටරවුම් අධිවේගී මාර්ගයේ කඩවත – කෙරවලපිටිය දක්වා කිලෝමීටර් 9.6 ක් මෙසේ ජනතා අයිතියට පත්කිරීමට නියමිතව තිබේ.

මේ අනුව කොළඹ කටුනායක අධිවේගී මාර්ගය (E-03), දක්ෂිණ අධිවේගී මාර්ගය (E-01), කෙරවලපිටිය අන්තර්හුවමාරුවේදී පිටත වටරවුම් මාර්ගය  (E-02) මගින් සම්බන්ධ වන බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.

මෙම සම්බන්ධවීමත් සමග දැනට අයකරන ගාස්තු ක්‍රමය සංශෝධනයට ලක්වන බවද එම අධිකාරිය පවසයි.

එසේම නැවත දැනුම් දෙනතුරු කෙරවලපිටිය අන්තර් හුවමාරුවේ ක්‍රියාත්මක නොවන බවද අධිකාරිය වැඩිදුරටත් පවසයි.

(අද)

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article