Saturday, November 23, 2024

අධික හිරු රශ්මියෙන් බේරෙන්න හැකි තාක් සෙවන ස්ථාන වල රැදෙන්න – ජනතාවට උපදෙස්

Must read

මේ දිනවල දිවයින පුරා පවතින අධික උණුසුම් කාලගුණ තත්වය හේතුවෙන් අනවශ්‍ය ලෙස හිරු එළියට නිරාවරණය වීමෙන් වලකින ලෙසත් හැකි සෑම විට ජලය පානය කරමින් විජලන තත්වයන්ගෙන් වැලකෙන ලෙසත්, හැකි සෑම විටම සෙවනක් තුල සිටින ලෙසටත් ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ විද්‍යාඥ සරත් ප්‍රේමසිරි මහතා ජනතාවට දැනුම් දෙයි.

කාලගුණ දෙපාර්තමේන්තුව පවසන ආකාරයට උෂ්ණත්වයේ සුළු වැඩිවීමක් දක්නට ලැබුණත් තවමත් මේ දිනවලපවතින උෂ්ණත්වය අහිතකර තත්වයට පත්ව නැත.

මේ වන විට වාර්තා වූ වැඩිම උෂ්ණත්වය වන සෙල්සියස් අංශක 35.7 වාර්තා වී ඇත්තේ කටුනායක ප්‍රදේශයෙනි.

  • මේ වන විට අධ්‍යාපන අමාත්‍යංශයද පාසල් පරිපාලනයට දැනුම් දෙන ලද්දේ දහවල් 11.00 සිට 3.00අතර කාලය තුල පාසල් දරුවන්ව එළිමහන් ක්‍රියාකාරකම් සදහා යොමු නොකරන ලෙසටයි.
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article