Tuesday, September 15, 2026
spot_img

අධික වර්ෂාව, සුළං හා මුහුද රළු වීම් ගැන කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් අනතුරු ඇගවීමක්

Must read

බෙංගාල බොක්ක ප්‍රදේශයේ ඇති වී තිබෙන අඩු පීඩන තත්වය හේතුවෙන් ඉදිරි පැය 12  තුලදී සුලිකුණාටුවක් බවට වර්ධනය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අගවයි.

ඒ හේතුවෙන් ඉදිරි පැය 24 තුලදී අධික වර්ෂාවක්, ගිගුරුම් සහිත වැසි,මුහුද රළුවීම හා ක්ෂණිකව සුලගේ වේගය ඉහළ යාමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඒ හේතුවෙන් නැවත දැනුම් ⁣දෙන තුරු ධීවර හා නාවික කටයුතු සදහා මුහුදු යාමෙන් වැලකී සිටින ලෙසත්, කදුකර හා නායයාම් බහුල ප්‍රදේශවල ජීවත්වන ජනතාවට ඒ සම්බන්දයෙන් අවදානයෙන් පසුවන ලෙසත් දැනුම් දෙයි.එමෙන්ම කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ උපදෙස් පිලිපදින ලෙසත් එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article