බෙංගාල බොක්ක ප්‍රදේශයේ ඇති වී තිබෙන අඩු පීඩන තත්වය හේතුවෙන් ඉදිරි පැය 12 තුලදී සුලිකුණාටුවක් බවට වර්ධනය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අගවයි.
ඒ හේතුවෙන් ඉදිරි පැය 24 තුලදී අධික වර්ෂාවක්, ගිගුරුම් සහිත වැසි,මුහුද රළුවීම හා ක්ෂණිකව සුලගේ වේගය ඉහළ යාමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ඒ හේතුවෙන් නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතු සදහා මුහුදු යාමෙන් වැලකී සිටින ලෙසත්, කදුකර හා නායයාම් බහුල ප්‍රදේශවල ජීවත්වන ජනතාවට ඒ සම්බන්දයෙන් අවදානයෙන් පසුවන ලෙසත් දැනුම් දෙයි.එමෙන්ම කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ උපදෙස් පිලිපදින ලෙසත් එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි