Saturday, September 21, 2024

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල නැවත සමීක්ෂණයට අයදුම් පත් කැදවේ

Must read

2019 වසරේ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා අයදුම් පත්‍ර කැඳවා තිබේ.

ඒ අනුව 2020.04.27 වන දින නිකුත් කරන ලද සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණය කිරීමට අපේක්ෂා කරන සියලූ ම අයදුම්කරුවන් 2020.07.17 වන දින හෝ ඊට පෙර ලැබෙන සේ , අයදුම් පත්‍ර විභාග දෙපාර්තමේන්තුව වෙත ලියාපදිංචි තැපෑලෙන් යැවිය යුතුය.

අයදුම්කරුවන් සඳහා වන නැවත සමීක්ෂණ අයදුම් පත්‍රයේ ආදර්ශ ආකාතිය 2020.06.26 වන දින ජාතික පුවත්පත්වල හා ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන “ www.doenets.lk“ හි පළ කර ඇත.

ඒ අනුව අදාළ අයදුම් පත්‍ර සම්පූර්ණ කර එවිය යුතු අතර මේ සම්බන්ධයෙන් යම් විමසීමක් අවශ්‍ය නම් පහත දුරකථන අංකවලින් විමසිය හැකියි.

පාසල් විභාග ඇගයීම් ශාඛාව – 0112 78 52 31 / 0112 78 52 16 / 0112 78 40 37

ක්ෂණික ඇමතුම් අංකය – 1911

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article