ජනපති සිරිසේන විසින් දියත් කරන්නට යෙදුන ව්‍යවස්ථා කුමන්ත්‍රණයට අදට දින 21 ක් පිරෙමින් තිබේ. දැන් රට උපරිමයෙන්ම අවුල්ව ගොසිනි.රුපියල හැල්මේ බාල්දු වෙමින් තිබේ.
එය නවතා කිමට වයිමාට තබා සක්කරායටත් දැන් බැරි ගානය.
ගෙවුණ සිකුරාවල් වලදි අපට ලැබුනේ රට තවත් අර්බුදයට ගෙන යන පණිඩිඩයන්ය.
අදත් සිකුරාවකි.
ඒ නිසාම අද සිදුවන්නට නියමිත දේ ගැන දේශපාලනික උනන්දුවක් ඇති සැවොම ඉන්නේ අවධානයෙනි.
මේ අතර පක්ෂ නායකයන්ගේ රැස්විමක් පෙ.ව. 11.30 ආරම්භ විමට නියමිතය.
පසුගිය සිකුරාවන්හිදි දිගටම තුරුම්පු ඇන්ද ජනපති සිරිසේන අදත් තුරුම්පුවක් අදියිදැයි යන සැකයක් සැම වෙත පවති.