Tuesday, November 26, 2024

අතුරුදහන්වූ තම ආදරණීයයන් ඉල්ලා නිදහස් දිනයේදී යාපනයේ විරෝධතා

Must read

ඡායාරූපය - අදදෙරණ
ඡායාරූපය – අදදෙරණ

අතුරුදහන්වූ තමන්ගේ පවුල්වල සාමාජිකයන් ගැන තොරතුරු සොයාදෙන ලෙසත් ඒවා හෙලි කරන ලෙසත් රජයට බල කරමින් උතුරේ ජීවත්වන අතුරුදහන්වූවන්ගේ පවුල්වල සාමාජිකයන් පිරිසක් ඊයේ (04) යාපනය කන්දසාමි කෝවිල ඉදිරිපිටදී උද්ඝෝෂණයක් පැවැත්විය.  70වන නිදහස දින සැමරුමට රජය කටයුතු කලත් තමන්ගේ පවුල් වල සාමාජිකයන් සොයාගැනීමට රජයේ මේ වනතෙක් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නැතැයි ඔවුන් එහිදී රජයට චෝදනා කලෝය. මෙවැනි තත්වයක් මත තමන්ට 70වන නිදහස් දිනය සැමරීමට නොහැකි බවත් පසුගිය රජය මෙන්ම වර්තමාන රජයද තමන්ව රවටිමින් සිටින බවත් ඒ පිරිස වැඩිදුරටත් පැවසූහ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article